May 18, 2024

මහජන ගෞරවත් අහිමිව අවසන් ගමන් ගිය මංගල (VIDEO)

මෙරට දේශපාලනයට අමතක නොවන දිනයක් එක් කරමින් කෘතහස්ත දේශපානඥයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) දිනයේ දී ජීවිතයෙන් සමුගත්තා.

කොරෝනා වසංගතය ගොදුරුව සිටි ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරයි ඔහු මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ.

1983 වසරේ දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වසරේ පැවැති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්යෙන් පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත් වුණා. ඉන් අනතුරුව ඔහු විදේශ කටයුතු සහ මුදල් අමාත්‍යංශය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශ කිහිපයක්ම හොඹවන්නට සමත් වුණා.

මෙරට දේශපාලනය තුළ දැඩි මතවාදාත්මක ප්‍රබල චරිතයක් වූ මංගල සමරවීර මහතා මිය යන විට 65 වැනි වියේ පසුවුණා.

මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් ද ශෝක ප්‍රකාශ නිකුත් කර තිබුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට ජනතාවද හිටපු අමාත්‍යවරයාට අවසන් ගෞරව දක්වා තිබුණා.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ඇති ඛේදජනක බව පසක් කරමින් මහජන ගෞරව මැද අවසන් ගමන් යන්නට සිටි මෙම දේශපාලනඥයා ඒ කිසිවක් නොමැතිව අද (24) දිනයේ පස්වරුවේ ම කොළඹ, බොරුල්ල සුසාන භූමියේ දී අවසන් ගමන් ගියා.

මංගල සමරවීර මහතා අවසන් ගමන් ගිය ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 August 2021 19:00