April 29, 2024

මංගලගේ සුපිරි නිර්මාණය: ෆ්‍රීඩම් හබ් නොහොත් "විමුක්තියේ මධ්‍යස්ථානය"

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා දක්ෂ නිර්මාණශීලී පුද්ගලයෙක්.

ඔහු මිය යෑමට පෙර බිහිකළ නවතම සංවිධානය වූයේ ෆ්රිඩම් හබ් (freedom hub) යටතේ ක්‍රියාත්මක වන "සැබෑ දේශප්‍රේමියෝ" ව්‍යාපාරයයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නය

සැබෑ දේශප්‍රේමියෝ ව්‍යාපාරය හඳුන්වාදීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී එම ව්‍යාපාරය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයක් මාධ්‍යවේදීන් මතු කළා.

එම ව්‍යාපාරයේ අරමුණ විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමද යන්නයි.

ඒ මතය මංගල සමරවීර මහතා ඒ අවස්ථාවේම ප්‍රතික්ෂේප කළා.

විමුක්ති කුමාරතුංග මහතා මංගල සමරවීර මහතාගේ කිට්ටුතම හිතවතිය වන හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත්‍රයායි.

සැඟවුණු අර්ථය

එහෙත් කරුණු සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ෆ්රිඩම් හබ් යන වචන දෙක තුළ තිබෙන සැඟවුණු අර්ථයයි.

ෆ්රිඩම් යනු නිදහසයි.එසේත් නැතිනම් විමුක්තියයි.හබ් යනු මධ්‍යස්ථානයයි.

ඒ අනුව ෆ්රිඩම් හබ්හි සිංහල අර්ථය "නිදහසේ මධ්‍යස්ථානය" එසේත් නැතිනම් "විමුක්තියේ මධ්‍යස්ථානය" යන්නයි.

මේ ව්‍යාපාරය හරහා මංගල සමරවීර මහතා බලාපොරොත්තු වූ ඉලක්කය කුමක්දැයි එයින් තේරුම් ගැනීමට පුළුවන්.

මංගල සමරවීර මහතාගේ නිර්මාණශීලිත්වයට මේ තවත් හොඳම උදාහරණයක්.

Rate this item
(5 votes)
Last modified on Thursday, 26 August 2021 20:12