April 27, 2024

"මගේ හදවතේ මහින්දට පොඩි ආදරයක් කොයි හරි කොනක ඉතුරු වෙලා තියෙනවා" - මංගලගේ අන්තිම Youtube සාකච්ඡාව

September 01, 2021

පසුගියදා දිවි ගමනින් සමුගත් මංගල සමරවීර මැතිතුමන් මියයන්නට පෙර අවසන්වරට පෙනී සිටී යුටියුබ් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු දැක්වූ අදහස් කිහිපයක් පහතින් ඔබට දැක ගත හැකි.

මුලින්ම, ඔබ ඔබව වචන තුනකින් හඳුන්වන්න.
“සැබෑ දේශප්‍රේමී ජාත්‍යන්තරවාදියෙක්.”

ඔබ මං මේ කියන දේවල් විශ්වාස කරනවද කියලා කියන්න.
කර්මය – ඔව්.
ජොතිෂය – නෑ.
පුනරුප්පත්තිය – බොහෝ විට ඔව්.
අංක විද්‍යාව – ඔව්
ඔබ පව් කරන්න බයද – ඔව් කර්මය විශ්වාස කරනවා නම් බයයි.
ඔබට තරහ යනවද – ඔව්.
හැමවෙලේම – නෑ.

මොන වගේ වෙලාවටද තරහ යන්නේ?

“මෝඩකමට. එකම දේ හතර පස් සැරයක් කියලත් ඒක කෙරෙන්නේ නැත්නම් තරහ යනවා.”

ඔබ අර කිව්වා වගේ බොරු කියපු අවස්ථා තුනක් කියන්න?

“උදාහරණයක් හැටියට විශේෂයෙන්ම මම ඇමතිවරයෙක් වශයෙන් ඉන්නකොට මම මාතර ඉඳලා දරුවන්ට රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසාම ඇවිල්ලා පෝලිමේ ඉඳලා රැකීරක්ෂා ඉල්ලනවා. නමුත් සමහර අයට දෙන්න කොච්චර ට්‍රයි කරත් ඇත්තෙන්ම හරිම අමාරුයි. හැබැයි ඒ තියෙන බලාපොරොත්තුව නැති කරන්නත් කමක් නෑ ඉතින් ඒ වෙලාවට අපි පොඩ්ඩක් කියනවා තව පොඩ්ඩක් බලන්න ඒක අපි දෙන්න බලනවායි කියලා. නමුත් ඇත්තටම පේනවා එක දෙන්න බෑ කියලා. නමුත් හිත රිදෙනවා නම් මම නම් ඇත්ත වශයෙන්ම සුදු බොරුවක් කියන්නේ බොරුව කීම තුළින් කෙනෙක්ගෙ හිත රිදෙනවා නම්  එක පොඩ්ඩක් සැර අඩු කරන්න ඕනේ.”

ජීවිතය ආපස්සට හැරී ගොස් දේවල් තුනක් වෙනස් කරගන්නට ඔබට වරමක් ලැබුනොත්, මොනවද ඔබ වෙනස් කරගන්නට කැමති දේවල් තුන?

“නොකරන දේවල් ඇහුවා නම් මට ලේසියි කියන්න. නමුත් කරන දේවල් නොකරන දේවල් වලින් එකක් නම් මම මේ කොයි තරම් ප්‍රශ්න තිබුණත් මගේ උපන් භූමිය යළි වතාවක් ශ්‍රී ලංකා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් වෙනස් කරන්නට ගියොත් ඇත්ත වශයෙන්ම එකක්, ඒ උපන් භූමිය මීට වඩා බූද්ධිමත් මිත්‍යා වෙනුවට විද්‍යාව මත පදනම් කරගත්ත සමාජයක් කරා වෙනස් කරන්න පුළුවන් නම් ඒක වෙනස් කරනවා. දෙවෙනි එක තමයි මේ රට තුළ තියෙන ජාති ආගම් කුල මල භේද බොහොම ගැඹුරින් මිනිස්සු තුළ තියෙනවා නම් ඒක වෙනස් කරන්නට ඕනේ. තුන්වෙනුව මගේ ජීවිතේ ගත්තොත් ඇත්තෙන්ම මට වෙනස් කරන්න තරම් දෙයක් නැහැ. මොකද මට හොඳ අම්මා තාත්තා කෙනෙක් හම්බුනා. හොද සහෝදරයෙක් ,සහෝදරියක් හම්බවුණා. මට හොඳ ජීවිතයක් තියෙනවා. ඉතින් වෙනස් කරන්න තරම් දෙයක් පෞද්ගලික ජීවිතේ නම් මගේ නෑ.”

මහින්ද රාජපක්ෂ මැතිතුමා කැමති අකමැති…?

“මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ ඇත්ත වශයෙන්ම හොඳ සුන්දර චරිතයක් මෙයා ඕනම මනුස්සයෙක් හම්බුවෙලා කොහොමද මල්ලි කියල බඩත් අත ගාගෙන ගියා ට ඊට වඩා ගැඹුරක් නැහැ…තියෙන සුන්දරත්වය ම තමයි එතුමාගේ නරක පැත්තක්….අදත් මගේ හදවතේ කොටසක් එතුමාට ඇමති කම් නැති කරලා මාව පන්නලා, සීඅයිඩී ගෙනිහිල්ලා, දෙන්න පුළුවන් හිරිහැර විශාල ප්‍රමාණයක් දුන්නත් මගේ හදවතේ මහින්ද රාජපක්ෂට පොඩි ආදරයක් කොයි හරි කොනක ඉතුරු වෙලා තියෙනවා… නමුත් මම හිතන්නේ අනිත් බොහෝ නායකයන්ට වඩා වර්තමානයේ ජනාධිපති තුමාටත් වඩා මේ රටේ අද තත්වයට වග කියන්න ඕනේ එතුමා කියලා.”

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 31 August 2021 18:01