April 28, 2024

(EXCLUSIVE) මාතර "කුරුඳු පොලු" සටන් පිලේ මංගල මතය

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා ගැන කතා කරද්දි අමතකම නොකළ හැකි සිද්ධියක් තමයි සුප්‍රසිද්ධ මාතර "කුරුදු පොලු" හටන.

මේ ප්‍රසිද්ධ හටන හට ගත්තේ එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන්. පන්නන්න කොළඹට ආ පා ගමන නවත්වන්න ඊට මාතරදී මංගල සමරවීර මහතාගේ හිතවතුන් කුරුදු පොලු වලින් පහර දීම නිසා.

ප්‍රතිවිරුද්ධ කණ්ඩායම

එදා මෙම පා ගමනට නායකත්වය දුන්නේ හිටපු මධ්‍යම හා ඌව ආණ්ඩුකාරවරයා වූ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතායි.

එදා තමා සමග මහ පාරේ සටනක් කළ සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳව ඒෂියන් මිරර් ගුණරත්න මහතාගෙන් විමසීමක් කලා.

ඔහු අද මංගල ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.

ප්‍රශ්නෙ තිබ්බේ ඔහු සමග නොවේ

"මංගල තව කාලයක් ඉන්න ඕන මනුස්සයෙක්.ලෝකයේ විවිධ වර්ගයේ මිනිසුන් ඉන්නවා.මංගල අන්න ඒ වගෙ වර්ගයකට අයත් දක්ෂ මනුස්සයෙක්."

"මංගල නික්ම ගියේ ඉන්නම ඕන මොහොතක.ඔහු වැනි නිර්මාණශීලී මිනිසකුට ඉදිරියේදී රට වෙනුවෙන් කළ හැකි බොහෝ දේ තිබුණා."

එදා කුරුඳු පොලු හටන ගැන ගුණරත්න මහතා දරන්නේ මෙවන් අදහසක්.

"අපිට මංගල සමග පුද්ගලික ප්‍රශ්නයක් තිබුණේ නැහැ.එදා ප්‍රශ්නය තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා එක්ක.ඒ ඔහුගේ දේශපාලන දැනුම , පරිණතකම ගැන නෙවෙයි.ඔහුව ග්‍රාමීයව කොයි විදිහකටවත් ජනප්‍රිය කරවන්න බැරි චරිතයක් නිසා.අනික ආණ්ඩුවක් ගත්තම ඒක අල්ලගෙන ඉන්න බැරි නිසා.අපේ තිබුණේ ඒ විරෝධය විතරයි.එදා මංගල , රනිල් වෙනුවෙන් ඔහුව ආරක්ෂා කරගන්න අපි සමග හැප්පුනා."

කොහොම වුණත් මෙරට දේශපාලන ඉතිහාසයට එක් වුණු මාතර "කුරුදු පොලු" හටන ගැන අදටත් තමන්ට තියෙන්නේ සුන්දර මතක සටහනක් බවයි ගුණරත්න මහතා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 August 2021 13:28