April 27, 2024

"මම කැමතියි ගීතාට: තරු ගුණය තිබූ නිළියක්: හිත හොඳ ගෑනියෙක්" - මංගලගේ විග්‍රහය

"මිනිස්සු මට බනියි මේක කිව්වම.ඒත් සුන්දර සරල නිළියක් හැටියට මම කැමතියි ගීතා කුමාරසිංහට."

මම ගීතාව හොඳට අඳුරනවා.දේශපාලනයට එන්න ඉස්සෙල්ලා ගීතාගේ ගෙදරත් යනවා එනවා.ලංකාවේ තරු ගුණය තියෙන තරුවක් කියලා හිතට අරගෙන පැය 24 ම ඉන්න කෙනෙක් තමයි ගීතා."

කැමති නිළියන් අතර

තමන් කැමතිම නිළියන් පිළිබදව අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා යූටියුබ් නාලිකාවක් සමග කළ සාකච්ඡාවකදී කියලා තිබුණේ එහෙමයි.

එම සාකච්ඡාව මෙහෙය වූ ජනප්‍රිය නිවේදකයෙකු වන කැලුම් විජේසූරිය මහතා තමන් කැමති නිළියන් තිදෙනා නම් කරන ලෙස සමරවීර මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

ඊට පිළිතුරු ලෙසයි සමරවීර මහතා ගීතා කුමාරසිංහ මහත්මිය ගැන මේ තොරතුරු හෙළිදරව් කළේ.

දවසම තරුවක් විදියට හැසිරීම

එහිදී වැඩිදුරටත් කුමාරසිංහ මහත්මිය ගැන සමරවීර මහතා මෙසේද කියනවා.

"උදේ ඉඳන් රෑ වෙනකං එලියට යනකොටත් තරුවක් විදියටයි ඇඳ පැළඳුවේ.අර හොලිවුඩ් වල වගේ.මගේ මෑණියන්ගේ අවමංගල්‍ය උත්සවයටත් ආවේ සුදු ඇඳගෙන තරුවක් වගේ."

"මම ගීතා කුමාරසිංහට ගරු කරනවා.ඇය හිත හොඳ ගෑනියෙක්."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 August 2021 16:12

Related items