April 27, 2024

මංගලගේ අවසාන විග්‍රහ - ඒ පිලට එකතු වීම මම කළ බරපතලම වැරැද්දක්

September 02, 2021

අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර මහතා සිය අවසාන කාලයේ සහභාගි වූ බොහෝ යූටියුබ් චැනල සාකච්ඡා අද දක්නට තිබෙනවා.

ඒ අතර ජනප්‍රිය නිවේදකයකු වන කැලුම් විජේසූරිය මහතා සමග කළ සාකච්ඡාවක් තිබෙනවා.

අන්තිමටම ගත් වැරදිම තීන්දුව

එහිදී තමා මෑත කාලයේ ගත් විශාලතම වැරදි දේශපාලන තීන්දුවද ප්‍රකාශ කරනවා.

ඒ සමගි ජන බලවේගයට එකතු වී ඡන්දය ඉල්ලීමට ගත් තීන්දුව බවයි සමරවීර මහතා එහිදී පෙන්වා දෙන්නේ.

තමා ලැබූ අසාර්ථකත්වය

එක්සත් ජාතික පක්ෂය වැනි මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂයක් දෙකඩ වීම වැළැක්වීම සඳහා අන්තිම මොහොත වෙනතුරු සටන් කළ තමාට එය වළක්වා ගැනීමට නොහැකි වීම තමාගේ අසාර්ථකත්වයක් බවයි සමරවීර මහතා සඳහන් කරන්නේ.

එ.ජා.පය දෙකඩ වීම ලොකු දුකක් බව පවසන සමරවීර මහතා එසේ නොවුනා නම් පසුගිය මහ මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති බව සත්‍යයක් මුත් මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ගෙන මේ විදියට කටයුතු කිරීමට කිසිසේත්ම හැකියාවක් නොලැබෙන බවයි අවධාරණය කරන්නේ.

සමරවීර මහතා මෙම කරුණ එම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ තමා සිය දේශපාලන ජීවිතයේ දී ගත් වැරදි හා කණගාටුදායක තීන්දු අතර ප්‍රධාන එකක් ලෙසටයි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 02 September 2021 09:30