April 28, 2024

රටට හා ගෝඨාභයට මොකද වෙන්නේ ? මංගලගේ අනාවැකිය

ඉකුත් 24 වෙනි දින දැයෙන් සමුගත් මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදනය වීමට පෙර යූටියුබ් නාලිකාවක් සමග (TALK WITH SUDATHTHA) සාකච්ඡාවක් පැවැත්වූවා.

එය සමරවීර මහතා සහභාගි වූ අවසාන සාකච්ඡා අතුරින් එකක්.

එහිදී රටේ අනාගතය ගැන සමරවීර මහතා සිය දැක්මද ඉදිරිපත් කර තිබුණා.

රට තිබෙන තැන

"මේ රට මදේටම කුණු වෙලා.ඇත්ත කතාව ඒකයි.ලෝකයේ බිහිවෙච්ච හොඳම නායකයෝ ගෙනාවත් මේ රට මේ තියෙන විදියට හදන්න බැහැ"

එහෙම කියන සමරවීර මහතා ඊට ලෝකයේ මෙතෙක් බිහි වූ දක්ෂතම පාලකයින් පිලිබඳවත් අදහසක් ඉදිරිපත් කරනවා.

"ලෝකයේ බිහි වූ හොඳම බිහිවූ හොඳම නායකයෝ හැටියට එක පාරටම ඔළුවට එන්නේ ඇමරිකාවේ රූස්වෙල්ට් ජනාධිපතිතුමා එහෙමත් නැත්නම් ඉන්දියාවේ ජවහල්ලාල් ලාල් නේරු වැනි අය.ඒ අය ගෙනාවත් මේ රට හදන්න බැහැ."

ගෝඨාභයට වෙන දේ

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳවද සිය මතය එම සාකච්ඡාවේදී සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ මෙසේයි.

තමා ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට දැඩි ලෙස විරුද්ධ බවද එම සාකච්ඡාවේදී සඳහන් කරන සමරවීර මහතා ඊට හේතුව ඔහු රාජපක්ෂලාගේ ඉතිහාසයට උරුමකම් කීම බවද සඳහන් කර තිබුණා.

එහෙත් දේශපාලන වශයෙන් එම විරෝධය තිබුනත් ගෝඨාභය රාජපක්ෂ කොතරම් හොඳ පාලකයෙක් වුණත් මේ තියෙන ක්‍රමය තුළ මේ රට කාටවත් හදන්න බැරි බවයි සමරවීර මහතා පෙන්වා දී තිබුණේ.

Rate this item
(10 votes)
Last modified on Saturday, 28 August 2021 00:54