April 27, 2024

මේ යුගයට ගැලපෙන මිනිසා රනිල් - මංගල අන්තිමටම දීපු චරිත සහතිකය

September 01, 2021

සදාකාලික දේශපාලන මිතුරන් හා සතුරන් නැති බවට හොඳම උදාහරණය තමා බවයි අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

ඒ ජනප්‍රිය නිවේදකයෙකු වන කැලුම් විජේසූරිය මහතා සමග පැවැත්වූ යූටියුබ් සාකච්ඡාවකට එක්වෙමින්.

වැඩියෙන්ම විවේචනය කළ පුද්ගලයා

රනිල් වික්‍රමසිංහ මහතාට තමා තරම් විවිධ විවේචන කරපු කෙනෙක් නැති බවයි සමරවීර මහතා එම සාකච්ඡාවේදී සඳහන් කරන්නේ.

එහෙත් අද මේ දේශපාලන පිටියේ ක්‍රියාකාරීව ඉන්න අයගෙන් තමා ඉතා අගය කරන , ආදරය කරන , හොඳ මිතුරෙකු ලෙසයි සමරවීර මහතා එහිදී වික්‍රමසිංහ මහතාව හඳුන්වා දුන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම හා ජාත්‍යන්තර සම්බන්ධතා ඉතා ඉහළ බවත් ඔහු හැර එවන් දැනුමක් තිබෙන්නේ මේ රටේ තවත් එක් පුද්ගලයෙකුට බව සදහන් කරන සමරවීර මහතා වික්‍රමසිංහ මහතා මේ මොහොතේ මේ යුගයට අවශ්‍යම කෙනෙක් ලෙසයි හඳුන්වා දෙන්නේ.

ලොකුවට කියනවා නොව එවන් දැනුමක් ඇති අනිත් පුද්ගලයා තමන් බවයි සමරවීර මහතා සඳහන් කරන්නේ.

හොඳම මිතුරන් තිදෙනා

සමරවීර මහතා මේ අදහස් පළ කළේ දේශපාලන පිටියේ තමාගේ හොඳම මිතුරන් තිදෙනා කවුදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින්.

එහිදී අනිකුත් හොඳම මිතුරන් දෙදෙනා ලෙස සමරවීර මහතා හඳුන්වා දුන්නේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වන අතර ඊට හේතුද දක්වමින්.

Rate this item
(5 votes)
Last modified on Wednesday, 01 September 2021 09:03