May 18, 2024

මංගල සමරවීර දැඩි සත්කාර ඒකකයට

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බව වාර්තා වනවා.

හිටපු මුදල් අමාත්‍යවරයා කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය සිකුරාදායි.

රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)