May 18, 2024

මංගල සමරවීරටත් කොවිඩ්

මංගල සමරවීර මහතාටද කොවිඩ් ආසාදනය වී ඇති බැව් වාර්තා වනවා.

කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකින් ඒ බැව් තහවුරු වී තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටීම

හිටපු අමාත්‍යවරයෙකු වන සමරවීර මහතා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ.

සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයද නිරෝධායනයට ලක් කොට තිබෙනවා.

මුණගැසුනු අයගෙන් කළ ආයාචනය

පසුගිය දින කිහිපයේ තමාගේ පානදුර නිවසට පැමිණි අයටද නිරෝදායනය වන ලෙස සමරවීර මහතා දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

කලක් නිහඬව සිටි සමරවීර මහතා "සැබෑ දේශප්‍රේමියෝ" නමින් තරුණ නායකත්වයන් බිහි කිරීම සඳහා මැද මාවතේ රැඩිකල් ව්‍යාපාරයක් මීට ටික දිනකට පෙර ආරම්භ කළා.

පසුගිය දින කීපයේ සමරවීර මහතා එම ව්‍යාපාරයේ වැඩ කටයුතුවල නියැලී සිටි බවයි වාර්තා වන්නේ.

සමරවීර මහතා 65 වන වියේ පසු වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 August 2021 18:40