May 18, 2024

විමුක්තිගේ දේශපාලන ගමන ගැන මංගල දෙන ඉඟිය

විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට නොඑන බව මංගල සමරවීර මහතා තහවුරු කරනවා.

කුමාරතුංග මහතා දේශපාලනයට එන කථාව පුවත් පත් මවපු කතාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ නායකත්වය තරුණ පරපුරට

සමරවීර මහතා කුමාරතුංග මහතා දේශපාලනයට නොඑන බව තහවුරු කරන මුත් තරුණ පරපුරට රටේ අනාගතය භාර දිය යුතු බව සඳහන් කරනවා.

එහෙත් ඒ තරුණ පරපුරට නායකත්වය දෙන්නේ කවුරුන්දැයි ප්‍රකාශ කිරීමෙන් සමරවීර මහතා වැලිකී සිටින්නේ.

පක්ෂ දෙකේ ඉන්න අය බංකොලොත්

සම්ප්‍රදායික ප්‍රධාන දේශපාලනය ප්‍රවාහ දෙක වන එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැනද සමරවීර මහතා සඳහනක් කරන්නේ ඔහු එම පක්ෂ දෙකම නියෝජනය කළ දේශපාලනඥයෙක් හැටියටයි.

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකයකු යටතේ යළි ගොඩනැඟිය යුතු බව සඳහන් කරන සමරවීර මහතා එය දැන් සිටින කණ්ඩායමක් සමග කළ නොහැකි බවයි පෙන්වා දෙන්නේ.

ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ගොඩ නැංවිය යුතු බව සඳහන් කරන සමරවීර මහතා එයද ශ්‍රී.ල.නි.පයේ සිටින වත්මන් කණ්ඩායම සමග කළ නොහැකි බවයි සඳහන් කරන්නේ.

නායකයා කවුරුන්දැයි සැඟවීම

මංගල සමරවීර මහතා රටේ අනාගතය භාර දීම සඳහා තරුණ කණ්ඩායමක් පුහුණු පුරුදු කිරීමට "අපි දේශප්‍රේමියෝ"නම් මැද මාවතේ රැඩිකල් ව්‍යාපාරයක් දියත් කර තිබුණද එහිද නායකත්වය ගන්නේ කවුරුන්දැයි නිශ්චිතව ඔහු ප්‍රකාශ කරන්නේ නැහැ.

මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කර තිබුණේ සිය නව ව්‍යාපාරය සම්බන්ධයෙන් සති අන්ත ජාතික පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී.

විමුක්ති වෙනුවෙන් හැදෙන වේදිකාව

විමුක්ති කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකීය දේශපාලනයන ආගමනය සමරවීර මහතා ප්‍රතික්ෂේප කළද ඔහුගේ මෙම නව ව්‍යාපාරය මෙන්ම කුමාර වෙල්ගම මහතා නිර්මාණය කරන නව පක්ෂය හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උපදෙස් හා අනු දැනුම මත සිදුවන්නක් බව ඉතා විශ්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

සමරවීර මහතා විමුක්ති කුමාරතුංග මහතාගේ මව වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ඉතා සමීප මිතුරා බව ප්‍රකට කරුණක්.

සාමාන්‍යයෙන් සම්ප්‍රදායික දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් දේශපාලක ගෙන ඒම පිළිබඳ පුවතක් ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය සිදුවීමක් වන්නේ එසේ ගෙන ඒමට බලාපොරොත්තු වන කැපී පෙනෙන දේශපාලන චරිතයේ දේශපාලන ගමන නැවුම් ප්‍රවෘත්තියක් ලෙස රටට ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 August 2021 13:33