May 18, 2024

කලකට පසු මංගල එළිදකී: නව ගමනක් ගැන ඉඟි

ශ්‍රී ලාංකීය දේශපාලනයේ මතභේදාත්මක චරිතයක් වන මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා යළිත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය සමග දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සූදානම් වන බවට අද (31) මංගල සමරවීර මහතා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඉඟියක් පළ විය.

පුරා විනාඩි 85 ක් පුරා පැවති මෙම මාධ්‍ය හමුවේදී සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක පාර්ශව වලට ප්‍රහාර එල්ල කරමින් සූදානම් වන්නේ හිටපු ජනපතිනිය සමග යළි දේශපාලන ගමනක් ආරම්භ කිරීමට නොවේදැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එම අදහස ප්‍රතික්ෂේප නොකල සමරවීර මහතා හිටපු ජනපතිනිය තමාගේ ඉතාමත් කිට්ටුවන්ත මිතුරියක් මෙන්ම තමා ඉතා ගරු කරන දේශපාලනඥයෙක් බව පමණක්ම ප්‍රකාශ කිරීමට වග බලා ගන්නා ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා තමා කිසි දිනෙක කිසිවකුටත් ප්‍රහාර එල්ල කොට නොමැති බවත් මේ අවස්ථාවේ වැදගත් වන්නේ ජනතාව ඒකරාශි වීම බවත් සදහන් කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කළ සමරවීර මහතා පසුව එක්සත් ජාතික පක්ෂයටත් පසුගිය මහ මැතිවරණයේදී එජාපයෙන් කැඩුණු සමගි ජන බලවේගය එක්ව පසුගිය මහමැතිවරණයට මාතර දිස්ත්‍රික්කයට නාමයෝජනා භාර දෙන ලදී.

එහෙත් මැතිවරණය ආසන්නයේ එම මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කළ බැවින් තමාට මනාපයක් සටහන් නොකරන ලෙස මාතර ඡන්ද දායකයින්ගෙන් සමරවීර මහතා ඉල්ලීමක් කරන ලදී.

ආණ්ඩු බලය අල්ලා ගැනීම සදහා සන්ධාන ගොඩනැගීමේ අති දක්ෂ සූක්ෂම දේශපාලනඥයෙකු ලෙස මංගල සමරවීර මහතාව හැඳින්වේ.

Rate this item
(2 votes)
Last modified on Thursday, 01 April 2021 06:56