April 29, 2024
Main

Main (651)

අපේ‍්‍රල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලූ ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප‍්‍රකාශ සිදුකරමින් එකිනෙකාට ඇගිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජාතියක් ලෙස එදින සියලූදෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමග ත‍්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව සියලූදෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැදගැනීම බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේ රටත්, ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙන බවයි.

රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙන බව සදහන් කළ ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහළ වැඩපිළිවෙළක් විදේශීය විශේෂඥ දැනුම ද සහිතව අපගේ ආරක්ෂක හමුදාවන් මේ වන විට දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන බව සදහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙම ඛේදවාචකය වළක්වාගැනීමේ වගකීම් පැහැර හැරී සියලූ දෙනා වෙනුවෙන් ද ඉදිරියේ දී නිසි පියවර ගන්නා බවයි. මෙම සිදුවීම පිළිබද සති දෙකක වාර්තාවක් ලබා දීමට තමා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව ඊයේ තමාට ලැබුණු බවත්, එහි සදහන් කරුණු පිළිබද නීතිපතිවරයා සමග සාකච්ජා කර අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.

එමෙන්ම මෙරට වැඩකරන ජනතාව, වෘත්තීය සමිති සාමාජිකයන් ඇතුළු සියලූදෙනා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී රටක් ගොඩනැගීමේ කාර්යය සමග කිසිදු බේදයකින් තොරව පෙළ ගැසෙනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

මුස්ලිම් පල්ලිවලින් හමුවන කඩු පිළිබඳව ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුස්ලිම් ආගමි කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සදහන් කළේ ඒවා ඇතැම්විට පල්ලි ආසන්නයේ පවතින කැලෑ සුද්ධ කිරීම වෙනුවෙන් ගෙන එන්නට ඇති බවයි.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

කොහොමද කඩු වගේ දේවල් හමුවෙන්නේ?

සමහර පල්ලි වල තිබෙනවා. තිබ්බා කියලා කියනවා. අපිත් ටිකක් හොයා බැලීමක් කළා මේක මොකක්ද කියලා. දැන් සමහර පල්ලි පිහිටුවා තියෙන්නේ, ඒ වටේ තිබෙන්නේ සුසාන භූමි. දැන් මුස්ලිම් පල්ලි පිහිටීම් බලන කොට ඒහෙමයි දකින්න තියෙන්නේ.

ඒ වා සමහර විට කැලේ වදිනවා. ඒහෙම තිබෙනවා. ඒවට උපකරණ භාවිත කරනවා ඒවා වෙන්නත් පුළුවන්. ඒහෙමත් කියනවා. මේකට අපි මැදිහත් වුණේත් නෑ. දන්නෙත් නෑ. දැනගෙන හිටියෙත් නෑ.

චීනයෙන් කඩු අරගෙන තියෙන්නේ කැලේ කපන්න කියලද ඔබතුමා කියන්නේ?

ඒහෙම මම කිව්වේ නෑනේ. දැන් මාධ්‍ය අනිත් පැත්තට හරව ගන්නනේ බලන්නේ. ඒහෙම නෙමෙයි. දැන් අරක්ක අංශ පූර්ණ පරීක්ෂාවක් කරගෙන යනවා.

සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඇමති ලෙස පත් කරන්නේ නම් ඒ වෙනුවෙන් තමන්ගේ අමාත්‍යධුරය අත්හැරීමට සූදානම් බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව ව්‍යවස්ථාවෙන් සීමා කර ඇති නිසා ෆොන්සේකා මහතා කැබිනට් මණ්ඩලයට පත් කිරීම සඳහා කැබිනට් ඇමතිධුරය අත්හැරීමට සූදානම් බව ඔහු පවසා තිබේ.

අර්ජුණ රණතුංග මහතා සිය තීරණය ආණ්ඩුව වෙත දැනුම් දී ඇති අතර අවශ්‍ය ඕනෑම මොහොතක සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් කැබිනෙට්ටුවෙන් ඉවත් වීමට සූදානම් බව ඔහු පවසා තිබේ.

ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය අද  (29) සිට තහනම් කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි අවස්ථා නියෝග යටතේ මෙම පියවර ගෙන තිබේ.

මෙහිදී යම් අයකුගේ අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාව බව ජනාධිපතිවරයා මෙම නියෝගය පැනවීමෙන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

ජාතික හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි නිසා ගෙන ඇති මෙම පියවර මගින් රටේ ජාතික ආරක්‍ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීමද මෙමගින් අපේක්‍ෂා කෙරේ.

පාස්කු ඉරිදා පිපිරීම්වලට සම්බන්ධ ප්‍රභූන් ලෙස සිටි අය වත්මන් රජයේ ඇමතිවරු සමග පමණක් නොව, මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා සමගද ඡායාරූප ගෙන ඇති බවත්, එසේ ඡායාරූපවල සිටියා යැයි කියා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

වත්මන් ආර්ථික හා දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී, පාස්කු ඉරිදා පිපිරීම්වලට සම්බන්ධ වූවන් රජයේ ඇමැතිවරුන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියැවෙන බවත්, මෙතෙක් කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි යනුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී හෙතෙම මෙසේ පිළිවදන් දුන්නේය.

"කෙනෙක් එක්ක ඡායාරූපෙක පෙනී හිටිය කියලා ඔහුව අත්අඩංගුවට ගන්න බෑ. චෝදනා තියෙන්න ඕනෙ. අනික මේ ක්‍රියාවලට සම්බන්ධ ඇතැම් අය ප්‍රභූන් විදියට හිටපු අය. අපේ රජයේ ඇමැතිවරු එක්ක විතරක් නෙවෙයි, ඔවුන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා එක්කත් ඡායාරූප අරන් තියෙනවා. එහෙම ඡායාරූපවල ඉන්න තරමට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් මේක ෆැසිස්ට් රාජ්‍යයක් වෙනවා. ඒ නිසා ඇතැම් ඇමැතිවරුන් ඉල්ලක කරගෙන ඔවුන් මුස්ලිම් වූ පළියට පහර දෙන්න එපා."

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාම මෙම චෝදනාව කරන බව මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා සිටියේ,

" මම හිතන්නේ නැහැ එතුමා ඒවාගේ ප්‍රකාශයක් කරයි කියලා. නමුත් එතුමා වුණත් මම කියන්නේ මෙහෙම චෝදනාවක් තියෙනනවා නම් නීතියට අනුව කටයුතු කළා නං හරි.  මේ රටේ නීතිය කාටත් එකයි." යනුවෙනි.

කල්මුණ ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රීයේ සිදු වු වෙඩි තැබීම් සම්බන්දයෙන් එම ප්‍රදේශ පොලිසිය, පොල්ස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව දැඩි ලෙස සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඊයේ රාත්‍රි සිදුවු එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු තුවාලකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් රෝහල් වෙත යොමු කර ඇත.

කල්මුණ, චවලකඩේ, සමන්තුරය පොලිස් වසම්වල දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදුවන බැවින් ඊයේ එම පොලිස් වසම් 03ට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

මෙම වෙඩි ප්‍රහාරවලින් ආරක්ෂක අංශ නිලධාරින් හට හානි සිදු වී ඇති බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය ප්‍රචාර බවද පොලිස් මාධය අංශය දන්වා ඇත.  

IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නැවත මෙරටට පැමිණි බව සම්න්ධයෙන් රජය දැනුවත්ව සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රමාත්‍යවරයා  පවසා සිටියේ විදේශ රටක ත්‍රස්ත සංවිධානයකට එකතු වී කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23) ජාතිය අමතමින් සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශ ඉහළ නිලධාරින්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් ජනපතිවරයා ජාතිය අමතා මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇතත් ආරක්ෂක අංශයන්හි කිසිඳු වෙනසක් සිදු නොවීය.

ඊයේ දිනයේදි ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වා තිබුණත් ඔවුන් දෙදෙනාගේද ඉල්ලා අස්විමක් මේ වන තෙක් සිදු නොවීය.

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් 38 දෙනෙකු වන බව වාර්තා වෙයි.

මේ අතර ප්‍රහාර මාලාවෙන් විදෙස් ජාතිකයින් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 500ක පමණ පිරිසක් තුවාල ලැබූ අතර ඉන් 375 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

එමෙන්ම මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශ ජාතිකයින් 36ක් මේ වන විට මිය ගොස් ඇති බව වාර්තා වේ.

පිපිරීම් සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින පුරා පෙරේදා (21) දිනයේ පිපිරීම් 8ක් සිදු විය.

එමෙන්ම එදිනම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ උපකරණයක් හමු වු අතර ගුවන් හමුදා භට පිරිසක් විසින් එය නිෂ්ක්‍රිය කර කළේය.

ඊට අමතරව ඊයේ (22) දිනයේදිද කොච්චිකඩේ දේවස්ථානයේ මරාගෙන මරේන ප්‍රහාරය එල්ල කළ සැකකරු පැමිනි වෑන් රථය  කොටහේන ප්‍රදේශයේදි සොයා ගත් අතර එහි තිබි හමු වු බොම්බය ද ආරක්ෂ අංශ විසින් නිෂ්ක්‍රිය කළේය.