බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍යය අධිකරණයක් මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
පසුගිය වසරේ නිදහස් උත්සවය අතරවාරයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිතර වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක අයුරින් සංඥාවක් නිකුත් කල බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබිණි.
ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ පසුගිය ජනවාරි 21 වැනිදා ඔහුට එරෙහිව පවරා තිබූ නඩු විභාගයේදී ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් වරෙන්තු නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් පසුගිය (02) දිනයේදී එම අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව යලි කැදවා ඇති අතර ඒ බ්‍රිතාන්‍ය , විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ රාජ්‍ය තාන්ත්‍රීක වරප්‍රසාද පිළිබඳව තහවුරු කිරීමෙන් අනතුරුව යැයි ද එම තනාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
කෙසේවෙතත් සියළු නීතිමය කරුණු පැහැදිලි කිරීම සදහා ලබන මාර්තු මස පළමු වැනිදා එම නඩුව යලි කැදවීමට ද තීරණය කර ඇති බවද තානාපති ආරංචි මාර්ග සදහන් කළේය.
මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පසුගිය කාල වකවානුව තුළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැඩි කතාබහක් මතුවූ අතර ඒ මෙම වරෙන්තු කැදවීම ශ්‍රී ලංකා රජයේ අනුදැනුමකින් තොරව සිදුවීම ගැන විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කැඳවා රජයේ ස්ථාවරය දැන්වීමට කටයුතු කළේය.
පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල " මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් ඇති කරමින්" ඇතිවූ ගැටුම්කාරී තත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව, ඒ සඳහා පත්කළ විමර්ශන කමිටුව කතානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන්වේ.
වාර්තාවෙන් චෝදනා ලත් මන්ත්‍රීවරු කව්ද?
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 කගේ,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකුගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගේ නම් එම වාර්තාවේ සඳහන් වේ.
මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ගේය.
චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී ඇති අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.
කතානායකවරයා පත්කළ කමිටුවේ නිරීක්ෂණ අනුව, පාර්ලිමේන්තුවේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල සිදු වූ කලහකාරී සිදුවීම් සහ ඊට වගකිව යුත්තන් ලෙස කමිටුව හඳුනාගෙන ඇති බවට වාර්තාවන මන්ත්‍රීවරුන් මෙසේය;
නොවැම්බර් 15
නොවැම්බර් 16
මෙම දින තුන තුළදී සිදු වූ දේපළ හානිය, බදු නොමැතිව රුපියල් 325,000ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති බව ද අදාළ කමිටුව කතානායකවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඬුල්ලෙන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත් වී තිබේ.
ඇය අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරියද වෙයි. පුද්ගලික හේතු සඳහන් කරමින් ඇය එම පෙත්සම් විභාගයෙන් ඉවත් වි තිබේ.
කොළඹ නාගරික මන්ත්‍රිනි ශර්මිලා ගෝනවල මහත්මිය මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය. එය අද දිනයේදී විභාගයට ගනු ලැබීය.
රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපිටදී LTTE ක්රියාකාරිකයන් පිරිසකට සංඥා මාර්ගයෙන් මරණ තර්ජන සිදුකළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව යලි විභාගයට ගැනීමට ලන්ඩන් වෙස්මිනිස්ටර් අධිකරණය තීරණය කර ඇත.
පෙබරවාරි මස 01 වැනිදා සිට මෙම නඩුව විභාග කිරීමට නියමිත අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සිදුකළ කරුණු දැක්වීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
බ්‍රිතාන්‍ය ප්‍රියංක ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.
නීති විරෝධි වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් අතරතුර කින්නියා ප්‍රදේශයෙන් මහවැලි ගඟට පැන අතුරුදන්වූ එක් තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ(29) පස්වරු 04.30ට පමණ අදාල සිරුර සොයා ගැනීමට හැකි වූ බවයි.
මියගොස් ඇත්තේ 22 හැවිරිදි කින්නයා ප්‍රදේශයේම පදිංචිව සිටි තරණයෙකු බව සඳහන් වෙයි.
අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව පොලිසිය සමඟ එක්ව තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදි වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පුද්ගලයින් තිදෙනෙකු මහවැලි ගඟට පැන පලාගොස් ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් ඉන් එක් අයෙකු යලි පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා දියේ ගිලි අතුරුදන්ව තිබුණි.
මීට විරෝධය පල කරමින් වැලි ජාවාරම්කරුවන් සහ ප්රර්දේශවාසීන් නාවික හමුදා නිලධාරීන්ට පහරදීමට උත්සාහ දරා ඇති අතර පසුව නාවික හමුදාව අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බව නාවික හමුදාව සඳහන් කලේය.
අනතුරුව ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන් විසින් යලිත් වරක් ගල් මුගුරුවලින් පහරදී තිබුණි.
එහිදී නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර තුවාල ලැබූ නාවික හමුදා නිලධාරීන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව නාවික හමුදා මාධ්‍ය ප්රශකවරයා සඳහන් කළේය.
පුජ්‍ය ගලගොඩ අත්තේඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි ඉල්ලා අතුරුදන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ජනාධිපති,
බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා , නීතිපතිවරයාට සහ අධිකරණ ඇමැති තලතා අතුකෝරාළ මහත්ම මහත්මීන් වෙත ලිපි 4 ක් යොමු කර තිබේ.
ඥානසාර හිමියන් වෙත එලෙස පොදු සමාවක් ලබා දුන් හොත් උන්වහන්සේ අගතියට පත් පාර්ශව වන තමන් , මහෙස්ත්‍රාත් , රජයේ නීතිඥවරුන්ට සිදු කරන්නාවූ අසාධාරණයක් වන හෙයින් මෙලෙස උන්වහන්සේට පොදු සමාව නොදෙන්නැයි ඉල්ලා සිටින බව එක්නැලිගොඩ මහත්මිය කීවාය.
පුජ්‍ය ගලගොඩ අත්තේඥානසාර හිමියන් සිරගතව සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන්ය.
සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපති නීතිපති අධිකරණ ඇමැතිනිය සහ ගාමිණී ජයවික්‍රම වෙත යවන ලද ලිපි 4 පහත දැක්වේ.
ඉතා හදිසියි - අතින්/ලි.ප.තැ
කේ.එම්.එස්.පී. එක්නැලිගොඩ
අංක 136/2,
සුහද මාවත,
හිරිපිටිය
පන්නිපිටිය
2019/01/25
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමා
බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය
දහම්පාය,
අංක 135,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත,
කොළඹ 05.
ගරු අමාත්‍යතුමනි.,
ඔබතුමා විසින් 2019/01/21 සහ ඔබේ අංක MIN/BS/WD/IMP/2019 දරණ ලිපිය මගින් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට පොදු සමාවක් ලබා දීම පිළිබඳව ඉල්ලීමක් ඉටුකර දෙන ලෙස හා තවත් ලිඛිත ඉල්ලීම් කිහිපයක් සමග ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉල්ලීමක් කර ඇත.
ඉහත සඳහන් වැරදිකරු උන් වහන්සේ හට කිසිදු සම්බන්ධතාවයක් නොමැති නඩුකරයක අධිකරණයේ කටයුතු අතරතුර ගරු අධිකරණයටත්, ගරු විනිශ්චයකාරතුමාටත්, රජයේ නීතිඥවරයාටත් උන් වහන්සේ විසින් අපහාස කරන ලදී. ඒ සියල්ල සිදුවූයේ මාගේ ස්වාමි පුරුෂයා අතුරුදහන් කිරීම පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුකරය අතරතුර දී ය.
උන්වහන්සේට සමාව දුනහොත් එම නඩුකරයට සහ අනෙකුත් නඩුකරයන්ට උන්වහන්සේ විසින් අගතිගාමී හා / හෝ අයුතු ලෙස බලපෑම් සිදුකරන බවට ද මම විශ්වාස කරමි. එබැවින් ඒ පිළිබඳ මාගේ තදබල විරෝධය මේ ලිපියෙන් ප්‍රකාශ කර සිටිමි.
මාගේ ස්වාමි පුරුෂයා අතුරුදහන් කිරීම දේශපාලන වේදිකාවට ගෙන ගොස් එහි වාසිය ලබාගත් ඔබතුමා සහ ඔබතුමාගේ පක්ෂය මේ වැරදිකරුට සමාව ඉල්ලන්නේ කුමන පදනමින්ද යන්න මම දැන ගැනීමට කැමැත්තෙමි.
අධිකරණ අමාත්‍යාංශය ඔබතුමා යටතේ නොමැති අවස්ථාවේ දී ඔබතුමා පොදු සමාවක් ඉල්ලා සිටින්නේ කෙසේද යන්නද මම විමසා සිටිමි.
ඔබ යවා ඇති ලිපියේ සඳහන් සමාව දීමට අදාල ලිඛිත ඉල්ලීම් වල පිටපත් මා වෙත ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි
මෙයට
විශ්වාසී
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී විය යුතුව තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝම්ර් 12 දාට පසුව පාර්ලිමේන්තුවට සහභාගී වී නොමැති බව ඊයේ (24) දින පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
වැඩිදුර කියවන්න
පිලිපීනයට, සිංගප්පූරුවට ගිය ජනපති ඊළඟට තායිලන්තයට - මාස 3කින් පාර්ලිමේන්තුවටත් ඇවිත් නැහැ
ඒ අනුව මාස තුනකට වැඩි කාලයක් ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුවට සහභාගී නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇති බවට ද ඊයේ(24) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැදී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස තුනකට වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහභාගී විය යුතුව තිබෙනවා. නමුත් එතුමා අවසන්වතාවට පාරිලිමේන්තුවට සහභාගී තිබෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 12 දා. මේ වනවිට මාස තුන ඉක්මවා තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීම් ඉටුකිරීමට බැදී සිටියත් ඒ වගකීම ඉටුකිරීමට සඳහා ඔහු මාස 03 ට වරක් සහභාගී විය යුතුව තිබුණත් ඔහු මාස තුන ඉක්මවා ගොස් තිබියදීත් පාරිලිමේන්තුවට සහභාගී වී නැති බව ඉතා හොදින් පෙන්වාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීන්දුව කුමක්ද කියා මම දැනගන්න කැමතියි.”
ජනාධිපතිවරයා රටේ මුලික නිතිය කඩ කල බවට පළමු වරට තහවුරු වුයේ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවට අගවිනිසුරු ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගිය වසරේ දෙසැම්බර් මස ලබාදුන් තීන්දුවත් සමගය.
තමන් සමග ඇති පුද්ගලික වෛරය නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමනට ඇමතිකමක් නොදී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
ව්‍යවස්ථාව අනුව ඇමති ධුර නම් කිරීම අගමැතිවරයා විසින් කල පසු ජනාධිපතිවරයා විසින් ඔවුනට ඇමති ධුර ලබා දිය යුතු යයිද ඒ මහතා කියා සිටී.
ඇමති ධුර තවත් වැඩි කර ගැනීම සදහා වන යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය සම්ත කර ගැනීමෙන් පසු තවත් ඇමතිවරුන් පිරිසක් පත් කරන බවත් ඔහු පැවසීය.
එසේ පත්කල යුතු ඇමතිවරුන් සදහා තමන්ගේ නමද ජනාධිපතිවරයා වෙත යෝජනා කර යවන බවත් එවරද පත් නොකලහොත් ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද ෆොන්සේකා මහතා තව දුරටත් පැවසීය.
2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.
එම කොමිසම මගින්
අනතුරුව ඒවා කොමිෂම විසින් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කල යුතු වේ.
එහිදී එම වරදවලට වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වෙයි.
මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ.
සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 14ක් සපිරෙයි.
ඉන් මියගිය පුද්ගලයින් සිහිකර අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන්නැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේම අදට යෙදී ඇති ජාතික ආපදා සුරක්ෂිත දිනයට සමගාමීව සියලූ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ සර්වආගමික වැඩසටහන්ද සංවිධාන කර තිබේ.\
මීට වසර 14කට පෙර අද වැනි දිනක මුළු රටම එකම මළගෙයක් බවට පත් කළ ඒ රුදුරු සුනාමි ව්‍යසනයේ අමිහිරි මතකය අද වන විට බොහෝ දෙනකුගේ සිත් තුළින් පහව යමින් තිබේ.
2004 වසරේ දෙසැම්බර් මස 26 වැනි දින කිසිවකුත් නොසිතූ පරිදි සිදු වූ සුනාමි ව්‍යසනය අහිංසක ශ්‍රී ලාංකිකයින් හතළිස් දහසකට ආසන්න පිරිසකට දිවි අහිමි කළේය. තුවාල ලැබූ ගණන විසි දහසකට අධිකය. නිවාස ලක්ෂයක් පමණ මුළුමනින්ම විනාශ විය. කුඩා දරුවන් 979 දෙනකුට සිය දෙමාපියන් අහිමි කළේය.
බස් ගාස්තු ලබන 26 වැනි දා සිට 4% කින් අඩුකරන බව ප්‍රවාහන අමාත්‍යවරයා මිට ටික වෙලාවකට පෙර සදහන් කලේය.
කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොවන බව අමාත්‍යවරයා සදහන් කලේය.
අද පෙරවරුවේ බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී තිබුනේ ඩීසල් මිල කිහිප වරක් පහළ යෑමට සාපේක්ෂව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව අඩු කිරිමටය.
සබැඳි පුවත් - http://am.lk/local-news/item/40594-2018-12-24-08-19-04
මේ අතර පාසල් සිසුන් ප්‍රවාහන රථවල ගාස්තුව සියයට 3කින් හා ත්‍රී රෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අයකරණ ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.
උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 18585 කට අයත් පුද්ගලයින් 60345 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙ.ව.9.00ට නිකුත් කල තත්ත්ව වාර්තාවේ දැක්වේ.
කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු 38 ක් පිහිටුවා ඇති අතර,අදාළ අවතැන් කදවුරු තුළ පවුල් 3602 කට අයත් පුද්ගලයින් 11299 දෙනෙකු රදවා සිටියි.
වැඩිම පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පීඩාවට ලක්ව ඇති අතර පවුල් 9975 කට අයත් පුද්ගලයින් 33008 දෙනෙකු පීඩාවට ලක්ව ඇත.
දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 24 ක රදවා තිබෙන අතර, රැදවුම් මධ්‍යස්ථාන තුළ පවුල් 2375 කට අයත් පුද්ගලයින් 7849 දෙනෙකු වර්තමානයේ රැදී සිටියි.
මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 6520 කට අයත් පුද්ගලයින් 20737 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 13 ක පවුල් 1200 කට අයත් පුද්ගලයින් 3365 දෙනෙකු රදවා සිටියි.
යාපනය දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 273 කට අයත් පුද්ගලයින් 708 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 77 කට අයත් පුද්ගලයින් 281 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවයි.
ආපදාවට ලක්වූවන් බේරා ගැනීම වෙනුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ආරක්ෂක අංශ කටයුතු කරන අතර ආරක්ෂක අංශ නිළධාරීන් 59 දෙනෙකු හා සෙසු සාමාජිකයින් 1019 දෙනෙකු ක්‍රියාකාරීව දායකවි සිටිති.
කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් මැදිහත් වි ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් හා ආපදාවට ලක්වු වැව් සකස් කිරීමද මේ වන විට සිදුකරමින් පවති.
පවතින වැසි තත්ත්වය අඩු වීමක් අපේක්ෂා කල නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම අනාවැකියේ දැක්වේ.
2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මේ අතර, පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, ඉන්ධන මිල ගණන් පහල දැමීමට තීරණය කළ බවයි.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා රුපියල් 10 කින් අඩුවන අතර, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 තින් අඩු වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් අඩුවන බවත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් අඩු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සිපෙට්කෝ වෙළඳ සැල්වලින් ඉහත මිල ගණන්වලට ඉන්ධන ලබා ගත හැකි බව ද වාර්තා වෙයි.
අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් අඩුවීම බලපැවැත්වේ.
අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය පහතින්,
01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
02. ජෝන් අමරතුංග මහතා - සංචාරක සංවර්ධන, වනජීවි සහ කි්රස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන මහතා - විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා - විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඩ් බදුර්දීන් මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා - මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
15.කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
18. සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19- අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
20- පලනි දිගම්බරන් මහතා - කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන .
21- චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22- තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
23- අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය
24- අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25- සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26- හරින් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
27- මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
28- දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
29- මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
සබැඳි පුවත් :
දිවුරුම් දෙන මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට
නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි! රංගේට, ෆොන්සේකාට, පියසේනට, ෆවුසිට ඇමැති ධුර නෑ