May 15, 2024

"කඩු ගෙනාවේ කැලේ සුද්ද කරන්න වෙන්නත් පුළුවන්" - අමාත්‍ය හලීම් Featured

මුස්ලිම් පල්ලිවලින් හමුවන කඩු පිළිබඳව ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුස්ලිම් ආගමි කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සදහන් කළේ ඒවා ඇතැම්විට පල්ලි ආසන්නයේ පවතින කැලෑ සුද්ධ කිරීම වෙනුවෙන් ගෙන එන්නට ඇති බවයි.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

කොහොමද කඩු වගේ දේවල් හමුවෙන්නේ?

සමහර පල්ලි වල තිබෙනවා. තිබ්බා කියලා කියනවා. අපිත් ටිකක් හොයා බැලීමක් කළා මේක මොකක්ද කියලා. දැන් සමහර පල්ලි පිහිටුවා තියෙන්නේ, ඒ වටේ තිබෙන්නේ සුසාන භූමි. දැන් මුස්ලිම් පල්ලි පිහිටීම් බලන කොට ඒහෙමයි දකින්න තියෙන්නේ.

ඒ වා සමහර විට කැලේ වදිනවා. ඒහෙම තිබෙනවා. ඒවට උපකරණ භාවිත කරනවා ඒවා වෙන්නත් පුළුවන්. ඒහෙමත් කියනවා. මේකට අපි මැදිහත් වුණේත් නෑ. දන්නෙත් නෑ. දැනගෙන හිටියෙත් නෑ.

චීනයෙන් කඩු අරගෙන තියෙන්නේ කැලේ කපන්න කියලද ඔබතුමා කියන්නේ?

ඒහෙම මම කිව්වේ නෑනේ. දැන් මාධ්‍ය අනිත් පැත්තට හරව ගන්නනේ බලන්නේ. ඒහෙම නෙමෙයි. දැන් අරක්ක අංශ පූර්ණ පරීක්ෂාවක් කරගෙන යනවා.

Last modified on Wednesday, 01 May 2019 10:51