April 29, 2024
Main

Main (651)

ආණ්ඩුව පෙරළීමට කිසිදු කුමන්ත්‍රණයක් නොමැති බවත්, අවශ්‍ය සෑම විටම එයට සුදානමින් සිටින බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ද අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

අද වන විට විදුලිය, ජලය හා අධික බදු බර හේතුවෙන් ජනතාව දුක් විඳින බවත්, එයට එක්කෙනෙක් දෙන්නෙක් නොව මුළු කැබිනට් මණ්ඩලයම වගකිව යුතු බව මෙහිදී විපක්ෂ නායක වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අනාගතයේ සියලු මැතිවරණ ජයගන්නා බවත්, සියලු පක්ෂ එකතු වී අවශ්‍ය වේලාව පැමිණි විට ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විදෙස් රටක ඇති නඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බය ගැන එයින් පෙනී යන බවයි.

එජාප නියෝජ්‍ය නායක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේ උත්සව සභාවත් අමතමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.

එජාප උප නායක රවී කරුණානායක මහතා විසින් ඊයේ දිනයේ සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය ප්‍රකාශය සිදු කරන්නට ඇතැයි වාර්තාවන් පළවෙයි.

පේ‍්‍රමදාස මහතා ධම්ම පදයේ ගාථාවක්ද උපුටමින් කියා සිටියේ බැංකු කඩන්නේ වසලයන් බවත් බැංකු හදන්නේ බ්‍රාහ්මනයන් බවත්ය.

ජනතා මුදල් සොරාකන, කොමිස් ගහන, පගාගහන, අල්ලස් ගන්නා පුද්ගලයා තමන් වසලයෙක් යයි ක‍්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

‘ගියොත් ගිය කැන ඉවරයි. වගකීමක් බාර ගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලාපොරොත්තු වෙනව ආලෝකය නමුත් ලැබෙන්නෙ අන්ධකාරය’ යයිද කී ඔහු කවදාවක් බැංකු කඩල බ‍්‍රාහ්මණයෙක් වෙන්න බෑ. තමන් හෝ තම බිරිද යොදවා අල්ලස් ගැනීම බ‍්‍රාහ්මන ක‍්‍රියාවක් නොවෙයි’ යයිද සදහන් කලේය.

ඉතා ඉක්මනින් ලක්වාසීන්ට වසලයන් හා බ‍්‍රාහ්මණයන් තේරුම් ගැනීමට ප‍්‍රඥාව පහල වේවා යයිද ඇමතිවරයා කියා සිටියේ ලුණුගම්වෙහෙරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

එම වීඩියෝව පහතින්,

සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
 
පක්‍ෂයේ ඇතැම් පිරිසකට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව මතය විමසීමට අවශ්‍යතාවක් තිබුණද ඒ පිළිබඳව ජනාධිපතිවරයා මේ වනතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නොමැති බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
ඇතැම් අයට ජනාධිපතිවරණය කල්දමා මහ ඡන්දයකට යෑමට අවශ්‍ය වීම නිසා යම් යම් උපදේශකයන්ගේ අවශ්‍යතා මත මෙවැනි ප‍්‍රකාශ සිදුකරන බවද කී මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ ධුර කාලය ජනවාරි 8 දා සහ මැයි 15 වැනිදා ද යන්න ප‍්‍රකාශ කිරීමට හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මැතිවරණ කොමිසමට බවද වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය එක්සත් ජාතික පෙරමුණට වඩාත් වාසිදායක තත්ත්වයක් බව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පුවත්පතකට ප‍්‍රකාශ කළේය.
 
සමස්ත ශ‍්‍රී ලංකාවාසීන් ගෝඨාභය යනු කුමනාකාකරයේ පුද්ගල චරිතයක් ද යන්න හොඳාකාරවම දන්නා බවත් අනුකම්පා විරහිත පුද්ගලයකු ලෙස ප‍්‍රකට ඔහු කෙරෙහි ජනතා ප‍්‍රසාදයක් නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.
 
එම පුවත්පතට විශේෂ ප‍්‍රකාශයක් ලබා දෙමින් අදහස් දැක්වූ පාලිත රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
 
ඩලස් අලහප්පෙරුම මහතා කියා තිබුණා මේ දිනවල එයාගේ හෘද ස්පන්දනය වෙන්නෙත් ගෝඨා... ගෝඨා... කියලා. නමුත් මම කියන්න කැමතියි රටේ ජනතවගේ හෘද ස්පන්දනය වෙන්නේ ගෝඨා.... සුදු වෑන් ගෝඨා.. සුදු වෑන් කියලා. මේ රටේ මිනිස්සු මර බිය කුමක්ද කියලා හොඳාකාරවම දන්නවා. උතුරු නැෙඟනහිර, හම්බන්තොට, කොළඹ, දකුණ ප‍්‍රදේශවල ජනතාව කිසිදු පක්‍ෂ පාට, ජාති භේදයකින් තොරවම ගෝඨාභය පරාජය කරන එක සැකයක් නැහැ. මට බය නැතිව කියන්න පුළුවන් ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණොත් අනෙක් අපේක්‍ෂකයන්ට ‘ගේමක්’ නැහැ කියලා. මොකද මේ රටේ මිනිස්සුන්ට අමතකව ගිය සුදු වෑන් සංස්කෘතිය නැවත පැමිණෙනවාට කවුරුත් කැමැති නැහැ. ඒ නිසා මර බිය හඳුනන ජනතාව ගෝඨාභය රාජපක්‍ෂව එකහෙළා ප‍්‍රතික්‍ෂේප කරන බව ඉර හඳ වගේ විශ්වාසයි.
 
ඔහුට විරුද්ධව තිබෙන චෝදනා සුළුපටු නැහැ. මේ එකක්වත් ජනතාවට සඟවන්න බැහැ. මේ තිබෙන භයානක චෝදනා නිසාම ඔහු ජනාධිපතිවරණයට මුවා වෙන්න හදනවා. නමුත් සත්‍ය කවදා හෝ එළි වෙනවාමයි. එදාට ගෝඨාභය රාජපක්‍ෂ සිටිය යුතු තැන නීතිය තීරණය කරයි. රාජපක්‍ෂලා නිසා පීඩා විඳපු හුඟක් අය බලාගෙන ඉන්නේ මේ රටේ නීතිය නිසියාකාරව ක‍්‍රියාත්මක වී සත්‍ය ජය ගන්නා තුරු.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද(12) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා  ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදි ඔහුට උණුසුම් පිළිගැනිමක් සිදු කෙරිණි.

පාක්ෂිකයෝ විශාල පිරිසක්  ඔහු පිළිගැනීම සඳහා  රැස්ව සිටි⁣ අතර, මේ හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන්  පිටතට යාමට නොහැකිව රාජපක්ෂ මහතාට⁣ මද වේලාවක එහි රැදී සිටිමට ද සිදු විය.

මෙහිදී මාධ්‍ය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, සිය අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සඳහා තමා අමෙරිකාවට ගිය බව ය.

අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වූ බව ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

තමාට එරෙහිව අමෙරිකාවේ පවරා ඇති නඩුව පිළිබඳව ද මෙහිදී රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය.

ඔහු සඳහන් කළේ, තම නීතිඥයින් අදාළ නඩුව නිශ්ප්‍රභ කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ය.

ඉන්ධන මිල සූත්‍රය යටතේ මෙම මාසය තුළ පවතින ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ ගිය ද උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සඳහා පවතින මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවය.

ජාත්‍යන්තර වෙළදපොලේ පසුගිය මාසයේ අමෙරිකානු ඩොලර් 67ක්ව පැවැති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 74ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.

එහෙත් උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය මාර්තු මස 10 වනදා ඉන්ධන මිලෙහි සංශෝධන සිදු කළ ද ජනතාවට සහන සැලසීමේ අරමුණින්  ජාත්‍යන්තර  වෙළඳපොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ ඉතා සුළු වශයෙන් බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් විමට අනුව මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් මිල සූත්‍රයක් හදුන්වාදෙනු ලැබුවේය.

එම මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදු වේ.

ඒ අනුව මේ මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය අද (10) දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණ ද ලෝක වෙළඳපොලෙහි ඉන්ධන මිල වෙනස් වී නොමැති බැවින් මේ මාසය සදහා ඉන්ධන මිලද සංශෝධනයක් සිදු නොවනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේදී ඉන්ධන මිල සංශෝධනය වූ අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ද ඉහළ දමනු ලැබුවේය.

අතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඊයේ (07) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ සිරිත මිහිදු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ ගමේ පන්සලට පුද පූජා පැවැත්වීම දක්වා වෙනස් වුණා. අතීතයේ ඒ ආකාරයට ශිෂ්ඨාචාරය පමණක් නොව ආර්ථිකයත් හැඩ ගැසුණා. ඒ හරහා විශාල ලෙස ආදායම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ වගේම ඒ කාලයේ ජනතාවගෙන් බදු එකතු කිරීමත් සිදු කළා. ඒ හරහාත් විශාල ලෙස ලාභ ලැබුවා. වර්තමානයේ බදු පණවන විට ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර අතීතයේ රජ දවස පරාක්‍රමබාහු රජතුමාත්  බදු පැනවූ බව සිහිපත් කර ගත යුතුයි.”

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මාර්තු  මස 05 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

දින 06ක් පුරා පැවති දෙවන වර කියවීමේ විවාදයෙන් පසු පසුගිය 12වනදා දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 119ක් සහ විරුද්ධව ඡන්ද 76ක් හිමිවූණි.

අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ  වැය ශිර්ෂ කිහිපයක් පරාජයට පත් වු අතර  ඒ වෙනුවෙන් ඉදිරිපත් වු පරිපූරක ඇස්තමේන්තුව සම්පමත කර ගැනීමට අද නියමිතයි.

මේ අතර අයවැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ සමඟ දෙමළ ජාතික සන්ධානය  ඡන්දය ලබා දීමට නියමිතව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට ප්‍රකාශ කර තිබේ.

එහෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත .

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්‍ත්‍රි කණ්ඩායම රැස් වී ඒ පිළබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් සුබවාදී තීරණයක් අපේක්ෂාවෙන් පසුවන බවයි.
 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා ගේ නම ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා විසින් යෝජනා කළද එම නම අනුමත කිරීම ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම කල් දමමින් සිටින බව වාර්තා වෙයි.

රූපවාහිනී සංස්ථා පනත අනුව එම ආයතනයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ බලය ඇත්තේ ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයාටය.

ඒ අනුව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් ශාන් විජේතුංග මහතාගේ නම රූපවාහිනී සංස්ස්ථාවේ සභාපති ධුරය සඳහා පත් කිරීමට තීරණය කර, එම නාමයෝජනාව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රජයට අයත් ව්‍යවසායයන් හි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස පත් කර ඇති කමිටුව වෙත යවා ඇති අතර, ශාන් විජේතුංග මහතාගේ නම එම කමිටුව විසින්ද අනුමත කර ඇත.


එම කමිටුවෙහි සාමාජිකත්වය දරන්නේ ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙකි.

කමිටුව විසින් අනුමත කරන ලද විට එම නම් පත්කිරීම සඳහා අමාත්‍යවරයා වෙත ආපසු එවීම සාමාන්‍ය පටිපාටිය වන නමුත්, මෙම ලිපිගොණුව ජනාධිපතිවරයා විසින් රඳවා ගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.

ශාන් විජේතුංග මහතා ජනමාධ්‍යවේදියෙකු ලෙස මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි වසර 29 ක අත්දැකීම ඇති ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.  

රුවන් විජේවර්ධන මහතා විසින් මින් පෙර ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත්කිරීමට තීරණය කර තිබිණි. එම නාම යෝජනාවද ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් අනුමත කරනු ලැබුවද, ගුණවර්ධන මහතා එම තනතුරට පත්කිරීමට තමන් විරුද්ධ බව ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට දැනුම් දී තිබිණි. ජනමාධ්‍යවේදියෙකු වන ශාන් විජේතුංග මහතාගේ නම ඇමැතිවරයා විසින් යෝජනා කොට ඇත්තේ ඉන් අනතුරුවය.

සුදර්ශන ගුණවර්ධන මහතා ඔක්තෝබර් 27 දින දක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ අතර, දින 51 ආණ්ඩු සමය තුළ ඔහු වෙනුවට වැඩ බැලීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් නාලක කලුවැව මහතා පත්කිරීමට ජනාධිපති ලේකම්වරයා කටයුතු කළේය.

ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අමාත්‍ය ධුරයට පත්වූ විගස රජයට අයත් මාධ්‍ය ආයතනවල නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර, සේවක මණ්ඩල සාමාජිකයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කරන ලදී.

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්න මහතාගේ විසින් කරන ලදැයි කියන දූෂණ ක්‍රියා පිළිබඳව ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලය විසින් ඇමැතිවරයා වෙත පැමිණිලි කර තිබුණු අතර දූෂිත ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීමට රූපවාහිනී සභාපතිනි ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය ක්‍රියාකිරීම පිළිබඳවද සේවක අප්‍රසාදය පළ වී ඇත.