May 16, 2024

ෆොන්සේකා වෙනුවෙන් ඇමතිධුරය අත්හැරීමට අර්ජුණ සූදානම් Featured

සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඇමති ලෙස පත් කරන්නේ නම් ඒ වෙනුවෙන් තමන්ගේ අමාත්‍යධුරය අත්හැරීමට සූදානම් බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව ව්‍යවස්ථාවෙන් සීමා කර ඇති නිසා ෆොන්සේකා මහතා කැබිනට් මණ්ඩලයට පත් කිරීම සඳහා කැබිනට් ඇමතිධුරය අත්හැරීමට සූදානම් බව ඔහු පවසා තිබේ.

අර්ජුණ රණතුංග මහතා සිය තීරණය ආණ්ඩුව වෙත දැනුම් දී ඇති අතර අවශ්‍ය ඕනෑම මොහොතක සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් කැබිනෙට්ටුවෙන් ඉවත් වීමට සූදානම් බව ඔහු පවසා තිබේ.

Last modified on Tuesday, 30 April 2019 09:58