April 29, 2024
Main

Main (651)

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉදිරිපත් විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසීය.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම සඳහා පක්ෂයේ ඒකමතික තීරණය වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ බව ද සඳහන් වේ.

එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එක් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සාකච්ඡා ද සිදු වෙමින් පවතී. එම සාකච්ඡාවල ඉදිරි වටයේ සාකච්ඡාවන් එළැඹෙන අප්‍රේල් මාසයේ 10 වැනිදා ඇරඹීමට නියමිත බව ද වාර්තා වේ.

දැනට පවතින විදුලි කප්පාදුව තවත් දින 10ක් තුළදී සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (25) සිට දෛනික විදුලි කප්පාදුව සිදුකෙරෙන වෙලාවන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දන්වා ඇත.

ඒ අනුව උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටවනු ඇති.

එමෙන්ම පස්වරු 2.30 සිට 5.30 දක්වාත්, පස්වරු 6.30 සිට 7.30 දක්වා හෝ පස්වරු 7.30 සිට රාත්‍රී 8.30 සහ රාත්‍රී  8.30 සිට රාත්‍රී 9.30  දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

නොරොච්ච්ලේ විදුලි බලාගාරයේ ඇතිවූ බිඳවැටීම මෙන්ම මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණය නිසා විදුලි ඉල්ලුම 15%කින් පමණ වැඩිවීම ද මෙම විදුලි කප්පාදුවට බලපා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේම පවතින වායු සමීකරණ භාවිතය සීමා කිරීමට සහ දිනකට විදුලි බුබුළු දෙකක් භාවිතය අඩු කිරීමට හැකි නම් මේ තත්වයෙන් ගොඩ ඒමට හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සඳුදා (අද) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වනවිට ස්වභාවික වායු බලාගාර (LNG) දෙකක් සහ මෙගාවොට් 194ක සූර්ය බලාගාර සඳහා අවසර ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවීමට වගකීමෙන් යුතුව කටයුතු කරන බවත් අවධාරණය කළේය.

මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව වෙත එල්ල කළ චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චෝදනා කළෙ අර්ජන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් සිංගප්පූරුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුව සිය අදහස් ප්‍රකාශ කළ යුතු බවයි.

කෙසේ වෙතත් සිංගප්පූරු මාධ්‍ය එරට විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඊයේ (20) වාර්තා කළේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය ලියකියවිලි ප්‍රමාණවත් පරිදි නොලැබුණ බවයි.

එසේම මේ සම්බන්දයෙන් ජනවාරි මාසයේ පටන් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරත් මේ දක්වාම සිංගප්පූරුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලූ ලියකියවිලි සිංගප්පූරුවට ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවයි.

සිංගප්පූරුව තවදුරටත් ශ්‍රී ලංකාවෙන් මේ තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බවත් එම තොරතුරු ලැබුණ විට පිටුවහල් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැන සළකා බැලිය හැකි බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සිංගප්පූරු නීති අනුව යම් වරදකරුවෙක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට පිටුවහල් කළ හැකිය. ශ්‍රී ලංකාවද පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටකි.

2015 වසරේ සිදුවූ මතභේදාත්මක බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයෙක් බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට විදේශ ගතව සිටියත් ඔහු සිටින ස්ථානයක් පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාතිකයෙක් වෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ අනුව ඔහු මහ බැංකුවේ අධිපති තනතුරට පත්කළේය.

සබැඳි පුවත් : http://am.lk/local-news/item/41944-2019-03-18-10-18-17

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය,ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළාය.

ඒ අනුව ලබන මැයි 07 වැනිදා මීට අදාළ නඩුව නැවත කැඳවීමේ දින නියම කරමින් එමා අර්බත්නෝට් විනිසුරුවරිය සඳහන් කළේ, අධිකරණ කාර්යමණ්ඩලයේ අත්වැරදීමකින් මෙම නඩුවට අදාළ වැදගත් ලියකියවිලි කිහිපයක්ම අතපසු වීම හා බ්‍රිගේඩියර්වරයට එරෙහිව නඩු තීන්දුව ලබා දීමට පෙර සැලකිල්ලට ගත යුතු එම ලියකියවිලිවලට අදාළ වැදගත් කරුණු කිහිපයක්ම නොතකා හැර තිබීම එයට ප්‍රධාන හේතු බවයි.

පසුගිය වසරේදීලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවැති නිදහස් දින සමරු උත්සවයට බාධා කරමින් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වෙත එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලයේ කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක අභිනයකින් ඔවුන්ට මරණ තර්ජන සිදු කළැයි පවසමින් පැනවූ නඩුව වසරකටත් වැඩි කාලයක් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ විභාගයට ගැනුණි.

ශ්‍රී ලංකා රජය විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා බ්‍රිතාන්‍ය රජයට දැන්වූයේ බ්‍රිගේඩියර්වරයාට රාජතාන්ත්‍රික මුක්තිය ඇති බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීම හෝ අධිකරණ නියෝග ලබා දීම සිදු කළ නොහැකි බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍යඅමාත්‍යාංශය විසින් වෙස්ට්මිනිස්ටර් අධිකරණයට යවන ලද ලිපිගොනු මෙලෙස නොසලකා හැරුණු ලියකියවිලි බවට තොරතුරු වාර්තා වෙයි.

ප්‍රධාන විනිසුරුවරිය විසින් අදාළ නඩුව නැවතත් මුල සිටම කැඳවීමට නියෝග දීම සමග කලබලයට පත්වූ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් බලාපොරොත්තු සුන්ව හැසිරෙනු දැකගත හැකි විය.

පසුව ඔවුහු අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණෙන ශ්‍රීලාංකිකයන්ට චෝදනා කරමින්, පරුෂ වචනවලින් බැණවදිමින් කලහාකාරී ලෙස හසිරුණහ. අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන පිරිස හඹාවිත් විවිධ ප්‍රශ්න අසමින් ගැටුමකට හෝආරවුලකට මුලපුරා ගැනීමට ප්‍රබල උත්සාහයකද ඔවුහු නියැළුණහ.

එම සිද්ධිවලට මුහුණදුන් කිහිපදෙනෙක්ඒ සම්බන්ධයෙන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය හා පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කළහ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍ය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් බැවින් මෙලෙස එල්.ටී.ටී.ඊ.ධජ හා එල්.ටී.ටී.ඊ. නායකයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් එම පිරිස ලන්ඩන් ත්‍රස්ත මර්දන ඒකකයද දැනුවත් කළහ.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සම්පූර්ණයෙන් කපාහැර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා සිටියි.

හොරුන්ට, මිනීමරුවන්ට හා නීති විරෝධී වැඩ වලට තමන් විරුද්ධ බැවින් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත් කොට ඇති බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා සිටියි.

විපක්ෂයේ පුළුල් සන්ධානය ගොඩනැගීම සඳහා පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ඊයේ (14) පැවැති උත්සවයකින් අනතුරුව එතුමිය මෙලෙස මාධ්‍යවෙත අදහස් පළ කළේය.

නව පක්ෂයක් ගොඩනංවන්නේදැයි එහිදී මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය ප්‍රකාශ කර සිටියේ එසේ කිසිදු පක්ෂයක් ගොඩනඟන්නේ නොමැති බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බවත්ය. 

වැඩිකල් නොගොස් ජනාධිපතිවරයාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ කසාදය දික්කසාදයකින් කෙළවර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

 ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු පත්කිරීමට ඔවුන් උත්සහ කරන අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවය උත්සහ දරන්නේ නැවත ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ අනුව දෙපාර්ශවය අතර අභ්‍යන්තර ගැටුම් උත්සන්න වී ඇති බවයි ඔහු අවධාරණය කළේය.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල කමිටුව රැස්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය මඟින් සිදුයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය  වීමට නියමිතයි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ පසුගිය පෙබරිවාරි 01 වැනිදා සිට ලෝක වෙළදපළේ තෙල් මිල මේ වන විට අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි.

අවසන් වරට පසුගිය පෙබරිවාරි මස 11 වනදා රැස් වු ඉන්ධන මිල කමිටුව විසින් එදින මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවේය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 6කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රු 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු 08 කින් ද ඉහළ දමා තිබුණි.

ජනපතිවරණයට තවත් කාලය ඇති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පැවැසීය.  

විපක්ෂනායක මහින්ද රජපක්ෂ මහතා දේශීය සිනමාව සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්ණ කිහිපයකට සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිතුරු ලබාදෙමින් සිටින විට ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් තම තුන්හිතකවත් එවැනි අදහසක් නොමැති බවත් එසේ සිතීම ගැන හිටපු ජනපතිවරයාට ස්තූතිය ප්‍රකාශ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

එසේම 2013 සිට ක්‍රියාත්මක නොවූ සිනමා ශිල්පීන්ට වාහන ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරිමට  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහා සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් 3 දෙනෙකු ජිනීවා නුවරට පිටත් කර යවන බවය.

ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන බව ජනපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම පළමුව ජනාධිපතිවරණය පැමිණිය හැකි වුවත් පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ද ජනාධිපතිවරයා පවසයි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසර මැතිවරණ වසරක් බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ අතර බොහෝ නිලධාරීන්ට අසාධාරණ ලෙස සැලකුම් කෙරෙන බැවින් පොලිස් දෙපාර්තමේන්තුව පූර්ණ ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

05/03/2019 16:21
පාර්ලිමේන්තුව හෙට උදෑසන 8 තෙක් කල් තැබේ.
05/03/2019 16:20
සංශෝධන සඳහා වූ කරුණු මාර්තු 8 හෝ ඊට පෙර පාර්ලිමේන්තු මහලේකම් වරයා වෙත දැනුම් දියයුතු බව කතානායක දන්වයි.
05/03/2019 16:18
සහය වූ සැමට ස්තුති කරමින් මුදල් අමාත්‍යවරයා අයවැය කතාව නිම කරයි.
05/03/2019 16:17
කැසිනෝ ශාලා ප්‍රවේශ ගාස්තුව රු මිලි 400දක්වා ඉහළට.
05/03/2019 16:16
කැසිනෝ ශාලා ප්‍රවේශ ගාස්තුව ඇ.ඩො 50ක් දක්වා ඉහළට.
05/03/2019 16:11
දුමිවැටි සඳහා (මිලි මී 60ට වැඩි) ජාතික ගොඩනැගීමේ බද්ද පැනවේ.. 12%කින් ගාස්තු ඉහළට
05/03/2019 16:07
යුධ සමයේ විනාශ වූ ප්‍රෙදේශ සංවර්ධනයට පැල්මයිරා අරමුදල යටතේ රුපියල් බිලියන 5ක්.
05/03/2019 16:03
ගම්පෙරලිය යටතේ ආගමික ස්ථාන සංවර්ධනයට මිලියනය බැගින්
05/03/2019 16:01
කලාකරුවන්ගේ නිර්මාණ ආරක්ෂණය සඳහා වැඩපිළිවෙලක්. අඛණ්ඩ ආදායමක් ලැබෙන ක්‍රියාපටිපාටියක්.
05/03/2019 15:56
ආපදා කළමනාකරණය - අධිඅවදානම් නිවාස සඳහා නව නිවාස වැඩපිළිවෙලක්.
05/03/2019 15:55
රුපියල් මිලියන 1000ක් කොළඹ නගර සංවර්ධනය වෙනුවෙන්
05/03/2019 15:54
දේශපාලනීකරණය වී තිබූ සමෘද්ධි වැඩපිළිවෙල ප්‍තිසංවිධානය කරනවා.
සමෘද්ධි වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන 10 000ක්. ලක්ෂ 6ක නව ප්‍රතිපාදන
05/03/2019 15:49
අල්ලස් කොමිසම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්.
05/03/2019 15:47
හමුදා සාමාජිකයන්ගේ ගෙවල් කුලී දීමනාව 100%කින් ඉහළට.
05/03/2019 15:43
ජුනි සිට රජයේ සේවක වැටුපට රුපියල් 2500ක්
05/03/2019 15:41
රු.බිලියන 40ක් රජයේ සේවක වැටුප් වැඩි කිරීම වෙනුවෙන්
05/03/2019 15:37
රථවාහන තදබදය අඩු කිරීම - මගියාට හිතකර බස් රථ වෙනුවෙන් සිටි රයිඩ් නමින් ණය ක්‍රමයක්.. බස් හිමියාගේ ණය පොලී සඳහා 75% ක සහනයක් රජයෙන්.
05/03/2019 15:35
රථවාහන තදබදය අඩු කිරීම - ජී.පී.එස් මගින් බස් රථවල තොරතුරු මගියාට සම්ප්‍රේෂණයට වැඩපිළිවෙලක්.
05/03/2019 15:34
රථවාහන තදබදය අඩු කිරීම - ඒකාබද්ධ බස් රථ නවීකරණය කිරීමේ වැඩපිළිවෙලක්.
05/03/2019 15:31
බෝගම්බර සිර ගෙදර පොදු ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ.
05/03/2019 15:30
බේරේ වැව පවිත්‍ර කිරීමට ව්‍යාපෘතියක්
05/03/2019 15:29
සුඛිත පුරවර ව්‍යාපෘතිය සඳහා රු මිලි 3000ක්
05/03/2019 15:28
අලි මිනිස් ගැටුම වැළැක්වීමට මෙවර අයවැයෙන් විශේෂ අවධානයක්
05/03/2019 15:23
රු මිලි 600ක් සුවසැරියට.... නව නැවතුම් ස්ථාන 300ක් සංවර්ධනය කෙරේ.
05/03/2019 15:22
ප්‍රාථමික සුව සත්කාරක වැඩපිළිවෙල සඳහා රු මිලි 1625ක්.
05/03/2019 15:21
විවිධ කර්මාන්තවල ආධුනිකයන් පුහුණුව සඳහා යුධ හමුදාවෙන් වැඩපිළිවෙලක්. යුධ හමුදා කඳවුරු තුළදීම.
05/03/2019 15:18
මිලි 1.1 ක පොලීරහිත වසර 12කින් ගෙවිය හැකි ණය ව්‍යාපෘතියක්
05/03/2019 15:17
රුහුණු සරසවියට සම සෞඛ්‍ය විද්‍යා පීඨයක්.
05/03/2019 15:14
සරසවිවල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 25000ක්.
05/03/2019 15:14
පෙරපාසල් නියාමනයට නෛතික රාමුවක්.
05/03/2019 15:12
හොඳම ප්‍රතිඵල ගන්නා ශිෂ්‍යයන්ට ලොව හොඳම සරසවි වල අධ්‍යාපන වරම්.
05/03/2019 15:11
පාසල් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 32000ක්
05/03/2019 15:09
විදෙස් ශිෂ්‍ය සංචාරකයන්ට ප්‍රවේශපත් ගාස්තුව 50%කින් අඩු කෙරේ
05/03/2019 15:05
මුදල් අමාත්යාංශය සඳහා ආදායම් පරිපාලක ඒකකයක් පිහිටුවීමට පියවර
05/03/2019 15:03
දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා
05/03/2019 15:02
වරාය හා ගුවන් තොට සංවර්ධනයට 2.5%කින් බදු අඩු කෙරේ.
05/03/2019 15:01
බිංගිරි වෙළද කලාපය සංවර්ධනයට රු මිලි 500ක්
05/03/2019 14:57
විදේශ ශ්‍රමිකයන්ට සිහින මාලිගා නිවාස ණය ක්‍රමය වසර 15කින් ගෙවීමට හැකිවන පරිදි. මිලියන 10ක්.
05/03/2019 14:54
නව විවාහපත් යුවලවලට "හෝම් ස්වීට් හෝම්" නිවාස ණය වැඩපිළිවෙලක් 6%ක පොලියකට. අවු 25කින් ගෙවීමට
05/03/2019 14:50
හෙරොයින් ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වීරවිල හා අඹේපුස්සේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක්.
05/03/2019 14:48
වකුගඩු රෝගීන් සිටින පවුල් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක්. රුපියල් මිලියන 1840ක් වෙන් කෙරේ.
05/03/2019 14:46
ආබාධිත අයට ගෙවන දීමනාව රු 3000සිට 5000දක්වා ඉහළට.
05/03/2019 14:45
පෞද්ගලික අංශයේ මව්වරුන්ට මාස 3ක අතිරේඛ ප්‍රසූත නිවාඩු දීමට දිරි ගැන්වීම්.
05/03/2019 14:41
වැසිකිලි කැසිකිලි සංවර්ධනය සඳහා මිලියන 4000ක් විශේෂයෙන් වෙන් කිරීමට පියවර. සෑම ප්‍රධාන බස් නැවතුම්පොළවල්වල සහ දුම්රිය ස්ථානවල පිරිමි, ගැහැණු සහ ආබාධිත අයට වැසිකිලි සකස් කර ඒවා නඩත්තු කරගෙන යෑමට පෞද්ගලික අංශයට බාර දෙනවා. 

05/03/2019 14:38 ​
නොමිලේ කිරි වීදුරුවක් සියලුම ග්‍රාමීය පාසල් දරුවන්ට ලබා දෙනවා.

05/03/2019 14:35
මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතියේ වැඩ 2020 වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොරගහකන්දේ සිට ජලය ගෙන යෑමට වයඹ මහ ඇල සහ ඇල මාර්ග සකස් කිරීමට රුපියල් මිලියන 12000ක් වෙන් කරනවා.

05/03/2019 14:35
නව ධීවර තොටුපල දෙකක් වෙනුවෙන් රු බිලියන 1.3ක්
05/03/2019 14:33
වතු කම්කරු ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලබා දෙන බවට මුදල් අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්.
05/03/2019 14:31
කුරුඳු කර්මාන්තය ආශ්‍රිත පුහුණු කිරීම්වලට රු මිලියන 75ක්
05/03/2019 14:30
පොල් හා මැටි කර්මාන්තවලට ඇති නීතිමය බාධා ලිහිල් කෙරේ
05/03/2019 14:29
රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා රු මිලියන 800ක්
05/03/2019 14:26
කුඩා ට්‍රක් රථ මත පනවා ඇති බදු අඩු කිරීමට යෝජනා
05/03/2019 14:22
විහාරස්ථාන සංවර්ධනයට වෙන් කෙරුණු මුදල රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා ඉහළට.
05/03/2019 14:21
ගම්පෙරලිය සංවර්ධවන වැඩසටහනට රුපියල් මිලියන 48,000ක්
05/03/2019 14:19
"පොහොසත් සමාජයක් අපේ අපේක්ෂාවයි." - මුදල් අමාත්‍යවරයා
05/03/2019 14:15
2017 දී ප්‍රාථමික ඉතිරි කිරීමේ ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. ඒ ප්‍රථම වතාවටයි. - මුදල් අමාත්‍යවරයා
05/03/2019 14:12
අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 1.5%කින් ඉහළ ගිය බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
05/03/2019 14:05
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු දැන් ආරම්භ විය - සුවිශේෂී දිනයක් වන අද පාර්ලිමේන්තුවේ වැඩකටයුතු දැන් ආරම්භ වූ අතර මුදල් අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ඇරඹුණි.
05/03/2019 13:55
මුදල් අමත්‍යවරයා පාර්ලිමේන්තුවට - මුදල් අමත්‍ය මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණියේය. ඒ 2019 වර්ෂය සඳහා වූ අයවැය ද රැගෙනය.