April 29, 2024

මේ කරන්නේ කූඨ ගනුදෙනුවක් : ජනතා නැගිටීමකට කාලය හරි - ඕමල්පේ සෝභිත හිමි

ඉන්දීය විදේශ කටයුතු ලේකම් මන්ත්‍රී හර්ෂ් වර්දාන් සිංග්ලේ මහතා මේ වන විට මෙරට දින හතරක සංචාරයක නියැලී සිටිනවා.

ඒ අතරතුර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි බැලීමට යෑම පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන්නේ.

කූඨ ගනුදෙනුවකට සූදානම

ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයාගේ ත්‍රිකුණාමලය සංචාරය ගැන ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු ලේකම් වරයා තෙල් ටැංකි පරික්ෂා කිරීමට යෑම කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමේ පියවරක් ලෙස උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

වාර්තා වන තොරතුරු වලට අනුව ආණ්ඩුව සූදානම් වන්නේ ත්‍රිකුණාමලයේ ඉතිරි තෙල් ටැංකි 85 ත් ඉන්දියාවට භාරදීමට බව උන් වහන්සේ හෙළිදරව් කරනවා.

ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි 99 න් මේ වන විටත් 14ක් ඉන්දියාවටයි ලබා දී තිබෙන්නේ.

පාලකයන්ට ඇති අයිතිය

රටේ සම්පත් මේ ආකාරයට කුණු කොල්ලයට විකුණා දැමීමට වත්මන් පාලකයන්ට තිබෙන අයිතිය කුමක්දැයි ප්‍රශ්න කරන උන් වහන්සේ එය සහගහන අපරාධයක් බවයි පෙන්වා දෙන්නේ.

අත්තනෝමතික දුර්දාන්ත ජාතික සම්පත් මංකොල්ලයට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු වේලාව දැන් පැමිණ ඇති බවයි උන් වහන්සේ මහජනයාට දන්වා සිටින්නේ.

කොයි තරම් කරුණු කීවද ඒවා ජනපතිවරයාට ඇහෙන බවක් පෙනෙන්නට ඇති බවත් උන්වහන්සේ අනාවරණය කරනවා.

ඒ රටවලට වුන දේ

මේ ආකාරයට ගියහොත් මෙරටටද ඇෆ්ගනිස්තානය , සෝමාලියාව හා ඉතියෝපියාවට වුන දේ සිදු වන බවට අනාවැකියක්ද උන් වහන්සේ පල කරනවා.

ඉන්දීය විදේශ කටයුතු ලේකම් වරයාගේ ත්‍රිකුණාමල සංචාරය සම්බන්ධයෙන් උන් වහන්සේ මේ අදහස් පල කර තිබුණේ මාධ්‍ය අමතා.

ඉකුත් 2වැනි දින සිවුදින සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විශේෂ කටයුතු ලේකම්වරයා එළඹෙන 6 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 09:45

Related items