April 29, 2024

ඕමල්පේ සෝභිත හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්: කතෝලිකයන්ට ඒ අයිතිය තියෙනවා - අපිත් සහය දෙන්න ඕන

September 27, 2021

පාස්කු ඉරු දින ප්‍රශ්නය ජාතික මට්ටමින් විසඳා ගැනීමට නොහැකි නම් එය ජාත්‍යන්තරයට ගෙන යෑමට කතෝලික ජනතාවට පූර්ණ අයිතිය තියෙන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කරනවා.

ඒ ගැන කාටවත් විරුද්ධ වීමට නොහැකි බවයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයද හොබවන උන් වහන්සේ සදහන් කරන්නේ.

සාධාරණය උදෙසා

තමන්ගේ ප්‍රශ්නය ගැන තමන්ට සෑහීමකට පත්වීමට නොහැකි නම් අධිකරණයේ තිබෙන ඉහළම තැනකට යෑමට අයිතිය තිබිය යුතු බවයි උන් වහන්සේ අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකාව තනියෙන් ජීවත් වෙන රටක් නොව ලෝක සංවිධාන සමඟ සම්මුතීන්ට එළැඹී රටක් බව පෙන්වා පෙන්වා දෙන උන් වහන්සේ එසේ එළඹ තිබෙන්නේ මේ රටේ ආරක්ෂාව සඳහා බවත් සඳහන් කරනවා.

ජාත්‍යන්තරයට මෙම ප්‍රශ්නය ගෙන යෑම රටට කරන ද්‍රෝහිකමක් නොවන බව උන්වහන්සේ සඳහන් කරනවා.

ඒ මීට පෙරද මෙරට බොහෝ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගොස් තිබෙන බව පෙන්වා දෙමින්.

මීට පෙර උදාහරණ

88 - 89 කාල වකවානුවේ ප්‍රශ්න මෙන්ම කොටි ත්‍රස්තවාදය සිදුකළ අමානුෂික සිද්ධීන් සම්බන්ධයෙන්ද ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කර තිබීම ඊට උදාහරණ ලෙස උන් වහන්සේ පෙන්වා දෙනවා.

එනිසා අපට නිරන්තරයෙන්ම ජාත්‍යන්තරයට දුක් ගැනවිලි කියපු ඉතිහාසයක් අපට තිබෙන බවයි උන් වහන්සේගේ මතය වන්නේ.

බෞද්ධයන්ගේ සහාය

ඒ නිසා මේ අවස්ථාවේ කතෝලික ජනතාව ගන්නා තීන්දුවට බෞද්ධයන්ද එකඟ විය විය යුතුවා මෙන්ම සහාය දිය යුතු බවද උන් වහන්සේ සඳහන් කරනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමග ඇති වූ වැදගත්ම කාරණය වන්නේ බෞද්ධ - කතෝලික එකමුතුව ශක්තිමත් වීම බවත් උන් වහන්සේ අවධාරණය කරනවා.

උන් වහන්සේ මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණේ පාස්කු ඉරුදින ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යාම සම්බන්ධයෙන් ඇතැමුන් නගන චෝදනාවන්ට පිළිතුරු ලෙසයි.

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මෙම අදහස් පළ කළේ වීඩියෝ පටයක් නිකුත් කරමින්.

Rate this item
(2 votes)
Last modified on Monday, 27 September 2021 12:55

Related items