April 29, 2024

සංඝ භේදය ඇති කිරීම ගැන රාජ්‍ය ඇමතිට ප්‍රබල හිමිනමගෙන් අනතුරු ඇඟවීමක්

September 23, 2021

සංඝ භේදය ඇති කිරීමට කටයුතු නොකරන ලෙස පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඉල්ලීමක් කරනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන්.

වැව් බැම්මේ ඇවිදින මං තීරුව

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරුවක් ඉදි කිරීමේ ප්‍රශ්නය මුල් කොටගෙන රාජ්‍ය අමාත්‍යවරයා මහා සංඝරත්නයේ භේද කිරීමේ වැඩ පිළිවෙලක නිරතව සිටින බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

එම මං තීරුව ප්‍රදේශයේ මහා සංඝරත්නයේ විරෝධය මැද අතරමඟ නතර වූ අතර එය කෙසේ හෝ ඉදි කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට සහතික වී තිබෙනවා.

එය කරන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හා අනුශාසනාව මත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පක්ෂ විපක්ෂ මහා සංඝරත්නය

ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනවල අස්ගිරි මල්වතු විහාර වාසී අනු නා හිමිවරු මෙන්ම පොළොන්නරු වාසී සංඝයා වහන්සේලා පිරිසක්ද බැහැ දුටුවා.

ඒ තත්ත්වය මත මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සංඛ්‍යා වහන්සේලා දෙකොටසක් නිර්මාණය වී තිබෙන්නේ.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් රාජ්‍ය අමාත්‍යවරයාට අනතුරු අඟවන්නේ මහා සංඝරත්නය තුළ එවන් බෙදීමක් ඇති කිරීම පදනම් කොටගෙනයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 17:16

Related items