April 29, 2024

අදට දහසය වසරකට පෙර ඒකාබද්ධ යාන්ත්‍රණය පරාජය කළ අසිරිමත් මොහොත

මාතෘ භූමිය ෆෙඩරල් රාජ්‍යයක් වීමට අවස්ථාවක් සලසා දුන් ඒකාබද්ධ යාන්ත්‍රණය පරාජය කොට ජුනි 10 වෙනි දිනට වසර 16ක් සපිරෙනවා.

ඒකාබද්ධ යන්ත්‍රයට එරෙහිව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් 2005 ජූනි 6 වැනි දින ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ මහ මළුවේදී ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊට දින 4 කට පසු අවසන් වූයේ එවකට පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය ඒකාබද්ධ යාන්ත්‍රණය හකුලා ගැනීමත් සමගය.

බටහිර ඩොලර්වලට යට වූ චන්ද්‍රිකා රජය

බටහිර රටවලින් ඒකාබද්ධ යාන්ත්‍රණය සඳහා ලැබුණු ඩොලර් මූල්‍යමය ප්‍රතිලාභ හමුවේ එවකට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපති ධූරය දැරූ හා මෙන්න මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ කොටි ත්‍රස්තවාදීන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම ලබා දීමට ගත් උත්සාහය පරාජය කිරීමට මාරාන්තික උපවාසයක් හැර වෙනත් කළ යුතු දෙයක් එදා ඉතිරිව තිබුණේ නැත.

ඊට වඩාත් බලපෑමක් වූයේ එවකට සිටි ජනපතිනිය වූ චන්ද්‍රිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒකාබද්ධ යාන්ත්‍රණය සිය දිවි සිය දිවි පරදුවට තබා හෝ ක්‍රියාත්මක කරන බවට දුන් පොරොන්දුවයි.

කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ආවේ අගමැති

මෙම ඒකාබද්ධ යාන්ත්‍රණයට අදාළ පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා විසින් වීම ජාති මාමක බලවේග වල විශ්වාසය බිඳ ලීමට හේතු විය.

මාරාන්තික උපවාසයේ නියැලුණු ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැහැරගෙන යෑමේ සැලැස්මක් ආණ්ඩුවේ තිබෙන බවට මේ ආරංචිය මත එය ව්‍යාර්ථ කිරීමට මහා සංඝරත්නය සෝභිත හිමියන් වටා ආරක්ෂක වළල්ලක් යෙදූ අතර සටන ජය ගැනීම සඳහා එකවර දෙතැනකින් රජයට බලපෑම් එල්ල කිරීමේ ක්‍රියාන්විතයට දේශප්‍රේමීන් අවතීර්ණ වුණා.

සටන් පෙරමුණු දෙකක්

ඒ අනුව තවත් කණ්ඩායමක් කොටුව ජනපති මන්දිරය වට කිරීමට කටයුතු කළ අතර ඒ සඳහා පැමිණි පිරිසට බැටන් ප්‍රහාර , ජල ප්‍රහාර , කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර පෙලක් එක දිගට එල්ල කළා.

මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් සිය සිරුරට ගිනි තබාගෙන ජීවිතය පූජා කිරීමට කඹුරුපිටියේ පඤ්ඤාසාර හිමියන් ගත් උත්සාහය අවට සිටි අයගේ මැදිහත්වීමෙන් ව්‍යාප්ත වුණා.

චන්ද්‍රිකා පරාජය භාර ගැනිම

මෙම විරෝධතා හමුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය ඒකාබද්ධ යාන්ත්‍රණ වැඩ පිළිවෙල හකුළා ගත්තා.

මව්බිමේ අඛණ්ඩතාවය වෙනුවෙන් ගෙන ගිය මෙම සටනට මහනුවර වෙළඳ ප්‍රජාව සිය කඩ සාප්පු වසා සිය සහයෝගය දැක්වීමද මතක් කළ යුත්තක්.

සටනට නායකත්වය දුන් මහ සඟරුවන

මෙම සටනට දහස් ගණනක් වූ මහා සංඝරත්නය දායක වූ අතර එල්ලාවල මේධානන්ද හිමි , කොටපොළ අමරකිත්ති හිමි , පූජ්‍ය අතුරලියේ රතන හිමි , ගලබඩඅත්තේ ඥානසාර හිමි , හැඩිගල්ලේ විමලසාර හිමි , මාවරල්ලේ බද්දිය හිමි , බුදුගල ජිනවංශ හිමි , තෙබුවන පියනන්ද හිමි , වත්තේගම විජිත හිමි , අක්මීමන දයාරතන හිමි , දුටුවැව ලංකානන්ද හිමි , රජවත්තේ වප්ප හිමි , රන්පත්විල විමලරතන හිමි , දොඩම්පහල සිරි සුගුණ හිමි , පූජ්‍ය හෙණ්ඩියගල පඤ්ඤාරංසි හිමි ඒ අතර සිටියා.

සටනට ගිහි නායකත්වය ලබාදීම පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර නිශාන්ත වර්ණසිංහ , සුජිත් අක්කරවත්ත , තුෂාර ස්වර්ණතිලක , චමින්ද බෝපිටිය , පෝෂිත ජයසිරිවර්ධන , රොහාන් ලංකා , බෝසෙත් කලහේපතිරණ , ආරිය මුණසිංහ යන මහත්වරුන් ඇතුළු දහස් ගණනක් දේශප්‍රේමීන්ගේද සහය හිමි වුණා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 June 2021 16:54

Related items