April 29, 2024

"විශ්වාසය පළුදු වුණා" - රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ගැන සෝභිත හිමිගෙන් අනාවරණයක්

චීනය සමඟ පවත්නා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවා පළුදු වන ආකාරයේ මෙවන් අත්තනෝමතික තීරණ ගන්නා පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කරනවා.

ඒ ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී උන්වහන්සේ මෙසේ සඳහන් කළා.

"මහජන බැංකුවට තහංචි පැනවීම මඟින් විශේෂයෙන්ම මහජන බැංකුව අසාදු ලේඛනයට ඇතුළත් කිරීම මඟින් මහජන බැංකුවට බරපතල දඬුවමක් නියම වෙලා තියෙනවා චීන රජය විසින්. මෙය මෑත කාලයේ අපි අත්දකින බරපතලම රාජ්‍ය තාන්ත්‍රික අර්බුධය බවට පත්වෙන බවට කිසිම සැකයක් නැහැ. මේ බරපතල අර්බුධයට සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි පොහොර හා සම්බන්ධ අමාත්‍යංශවල වගකිව යුත්තන්, මැතිඇමතිවරුන් ඇතුළු, නිලධාරීන් ඇතුළු වගකිව යුත්තන්. ඒකට හේතුව මේ පොහොර තොගය ඇනවුම් කිරීමට පෙර අදාළ පරීක්ෂණ කටයුතු සිදු නොකොට එල්.සී නිකුත් කලේ ඇයි? ඒ කියන්නේ ණයවර ලිපිය නිකුත් කරන්නේ මහජන බැංකුවෙන් සත්‍ය වශයෙන්ම සියලු තොරතුරු සොයලා අපට මේ ගෙන්වන භාණ්ඩය හිතකරයි, සුදුසුයි, යෝග්‍යයි කියන තීන්දුව යටතේමයි. එසේ නැතිව නියමිත භාණ්ඩ ලංකාවට ආවට පස්සේ තොරතුරු සොයලා, පරීක්ෂණ කරන සිරිතක් ලෝකයේ නැහැ. ලංකාවේ ක්‍රියාත්මක වුණෙත් නැහැ මේ දක්වා. නමුත් මේ සිද්ධියේදී සිදු වුණේ කුමක්ද? නිසි පරීක්ෂණවලින් තොරව භාණ්ඩ ආනයනය කළා. ඒ සඳහා එල්.සී නිකුත් කරලා තියෙනවා. දැන් මුදල් දෙන්නේ නැහැ කියන චෝදනාව යටතේ තමයි චීනය උරණ වෙලා තියෙන්නේ. එක අතකින් චීනය මේ දේ නිසි රාජ්‍යතාන්ත්‍රික පියවර අරගෙන නැහැ. තමන්ගේ බලය පාවිච්චි කරමින් ඔවුන් ශ්‍රී ලංකාවේ මේ මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සිදු කරලා තියෙන්නේ අත්තනෝමතික ක්‍රියාවක්."

"මෙය මිට වඩා සිදු විය යුත්තේ චීන බලධාරීන් අපේ විදේශ කටයුතු අමාත්‍යංශයත් සමඟ සාකච්ජා කොට විසඳුමකට ආ යුතුයි. අපි ජනාධිපතිතුමාට කරුණාවෙන් මතක් කරනවා මේ අයථා වැඩපිළිවෙලේ ප්‍රතිඵලය තමයි අපි  අත්විදින්නේ. එල්.සී නිකුත් කිරීමට පෙර නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමකින් තොරව මේ විෂ සහිත පොහොර ශ්‍රී ලංකාවට ආනයන කිරීමට බල කලේ කවුද? නිගමනය කලේ කවුද? ඒ සඳහා මඟ සැලැස්සුවේ කවුද? ඔවුන් ගැන විමසා තරාතිරමකින් තොරව ඔවුන්ට දඬුවම් පැමිණිවිය යුතුයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අප කිර්තියට පත් වන ආකාරයේ පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවත් සමඟ චීනය පවත්නා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවා පලුදු වන ආකාරයේ මෙවන් අත්තනෝමතික තීරණ ගන්නා පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කල යුතුයි. මෙවන් අක්‍රමිකතා ඉදිරියට සිදු නොවන්නට ජනාධිපතිතුමන් ප්‍රධාන රජය කටයුතු කළ යුතුයි. එසේ නොවුනහොත් මහත් ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. මහජන බැංකුව අසාදු ලේඛනගත වුනොත් මහජන බැංකුවත් සමඟ ගනුදෙනු කරන මහා පරිමාණ සංඛ්‍යාවක් මහත් වූ විපතකට පත් වෙනවා. එය මේ රටේ සෑම පුරවැසියෙකුටම බලපාන බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා අත්තනෝමතිකව ක්‍රියා කරන වගකිව යුත්තන් මෙවන් ක්‍රියාවලින් වැලැක්විය යුතුයි. මින් ඉදිරියට මෙවන් අක්‍රමිකතා සිදු නොවන්නට ජනාධිපතිතුමන් සෘජූ ලෙස තමන්ගේ විධායක බලය යොදාගෙන කටයුතු කළ යුතුයි."

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 October 2021 22:38

Related items