April 29, 2024

බෞද්ධයන්ට පන්සල් යාම අනිවාර්ය කිරීම විශිෂ්ට යෝජනාවක්: කෙරෙයිද කියන එකයි සැක - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි (AUDIO)

සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකොට හෝ බෞද්ධයන් පන්සල් යෑම අනිවාර්ය කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා කර තිබෙන යෝජනාව ඉතා කාලෝචිත වටිනා එකක් බවත් ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය මහත් සතුටට පත්වන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මෙන්ම ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ධුරය දරණ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයා සතුව ඉතා වටිනා අදහස් හා සංකල්ප තිබුණද ඒවා ක්‍රියාත්මක කිරීමට යෑමේදී වළක්වන අග්‍රාමාත්‍යවරයාටත් වඩා උඩින් සිටින පිරිසක් සිටින බවය.

විශේෂයෙන්ම දිනෙන් දිනම තුරන් වී යන හැදියාව, සදාචාරය රටේ පාසල් යන දූ දරුවන්, තරුණ පරම්පරාව තුළ පෝෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මෙම යෝජනාව ඉතා වැදගත් බව පෙන්වාදෙන උන්වහන්සේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මහා සංඝරත්නයේ සහයෝගය, ආශිර්වාදය ලැබෙන බවද අවධාරණය කරයි.

උන් වහන්සේ මේ අදහස් පල කලේ අග්‍රාමාත්‍යවරයා මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන් වැට සහිත අඩි 60 ක් උස චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 March 2021 07:57

Related items