May 15, 2024

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4% කින් පහලට - ත්‍රී රෝද, පාසල් සිසුන් ප්‍රවාහන රථවල ගාස්තුවත් පහලට

December 24, 2018

බස් ගාස්තු ලබන 26 වැනි දා සිට 4% කින් අඩුකරන බව ප්‍රවාහන අමාත්‍යවරයා මිට ටික වෙලාවකට පෙර සදහන් කලේය.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොවන බව අමාත්‍යවරයා සදහන් කලේය.

අද පෙරවරුවේ බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී තිබුනේ  ඩීසල් මිල කිහිප වරක් පහළ යෑමට සාපේක්ෂව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව අඩු කිරිමටය. 

සබැඳි පුවත් - http://am.lk/local-news/item/40594-2018-12-24-08-19-04 

මේ අතර පාසල් සිසුන් ප්‍රවාහන රථවල ගාස්තුව සියයට 3කින්  හා ත්‍රී රෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අයකරණ ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

Last modified on Monday, 24 December 2018 17:06