May 15, 2024

ඉන්ධන මිල පහලට

December 21, 2018

2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ අතර, පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, ඉන්ධන මිල ගණන් පහල දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා රුපියල් 10 කින් අඩුවන අතර, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 තින් අඩු වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් අඩුවන බවත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් අඩු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

සිපෙට්කෝ වෙළඳ සැල්වලින් ඉහත මිල ගණන්වලට ඉන්ධන ලබා ගත හැකි බව ද වාර්තා වෙයි.

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් අඩුවීම බලපැවැත්වේ. 

Last modified on Friday, 21 December 2018 15:23