May 03, 2024

යුධ අපරාධ විමර්ශනයක් ඉල්ලා උතුරින් පෙත්සමක් (PHOTOS)

September 09, 2015

ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බව පවසමින් පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපයේ සිට උතුරු ප්‍රදේශයේ සංවිධානය කොට තිබේ.

මෙම අදාල අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් මාලාව සංවිධානය කොට තිබුණේ ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් සඳහා වූ දෙමළ ක්‍රියාකාරී කමිටුව විසිනි.

වැඩසටහන පළමුව යාපනය දිස්ත්‍රීක්කයේ විවිධ ප්‍රදේශවල ද අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක ද සංවිධානය කොට ඒ සඳහා නැවත පදිංචි වැසියන්ගෙන් අත්සන් ලබා ගැනීම සිදු කර තිබේ.

මේ අතර අදාල අත්සන් සඳහා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද සහය දක්වා ඇත.

මෙසේ අත්සන් තබන ලද පෙත්සම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවට ද එහි සංවිධායකවරුන් කියා සිටියහ.

 වන්නි රොමේෂ් මධූෂංඛ

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 September 2015 15:21