May 17, 2024

යුද අපරාධ වාර්තාව ගැන මහින්දගෙන් විශේෂ නිවේදනයක් - සම්පූර්ණ නිවේදනය මෙන්න

September 22, 2015

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිලිබඳව නිකුත් කර ඇති වාර්තාව පිළිබඳව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම වාර්තාව ස්වාධීන එකක් නොවන බව පවසන රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ විවිධ බටහිර බලවේගවල බලපෑම් මත මෙය සකස් වී ඇති බව යි.

එමෙන්ම මෙම වාර්තාව සකස් කිරීම පිණිස සිදු කළ විමර්ශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ පවතින කියා පටිපාටි වලින් බැහැරව සිදු වූවක් බව ද ඒ මහතා චෝදනා කර තිබේ.

මෙම හේතු මත එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කල යුතු යැයි ශ්‍රී ලංකා රජයට තමා යෝජනා කර සිටින බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 September 2015 09:18