May 17, 2024

'යුධ පරීක්ෂණයට ජාත්‍යන්තරයත් ඉන්නවා' - අගමැති චැනල් 4 වෙත කියූ කතාව (VIDEO)

යුධ අපරාධ සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් බැහැර නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ ආන්දෝලනාත්මක "චැනල් 4" නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

පශ්චාත් යුධ පරීක්ෂණයේ දී ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ නොමැති බව පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවත්, ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම දෙමළ ජනයාත් මතුකරන තීරණාත්මකම සාධකය වන්නේ මෙම පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බව නොවේ දැයි මෙහි දී නිවේදකයා විසින් යොමුකරන ලද පැනයට වැඩි දුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ, ජිනීවා යෝජනාවලිය යටතේ මෙම පරීක්ෂණයට ජාත්‍යන්තරය සම්බන්ධ වන නමුත් තම පළමු ප්‍රමුඛතාව ජනතාව බවයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 January 2016 14:50