May 17, 2024

'ලංකාවට කිසිදු සමාවක් දෙන්න බෑ' - නවනීදන් පිල්ලේ

ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතල අපරාධ සම්බන්ධයෙන් කිසිම කෙනකුට සමාවක්‌ දිය නොහැකි බව හිටපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය පැවසුවාය.

එසේම ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් ආණ්‌ඩුවකට එලෙස සමාව දීමට කිසිසේත් හැකියාවක්‌ නැති බව ද ඇය පවසා සිටියා ය.

නවනීදන් පිල්ලේ මහත්මිය ජිනීවාහි යෝජනාව සම්මත වීමෙන් පසුව මේ බව පැවසූ අතර කිසිදු යුද අපරාධයකට මුක්‌තිය ලැබෙන්නේ නැති බව ද පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ වැසියන් හතළිස්‌ දහසක්‌ ඝාතනය වී ඇති බව පැවසූ පිල්ලේ මහත්මිය ඉන්දියාව හා දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට සහාය වීම ගැන චෝදනා කළ අතර පසුගිය රජයේ අරමුණ වී තිබුණේ ද්‍රවිඩ කණ්‌ඩායමක්‌ විනාශ කිරීම බව ද කියා සිටියාය.

ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත ගෙන යැමට ක්‍රියා නොකිරීම ගැනද ඇය චෝදනා කළාය.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 03 October 2015 09:36