April 28, 2024

අද කැබිනට් සංශෝධනයක්: එස්.බීටත් ඇමතිකමක්! පවිත්‍රා, ලොකුගේ, දිනේෂ්ට මාරුවක්

අද කැබිනට් සංශෝධනයක් සිදුවන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ඇමතිධූර රැසක වෙනස්කම් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

එම සංශෝධනයන් තව සුළු වේලාවකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම ආරංචි මාර්ගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර කැබිනට් අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන ඇමතිවරුන්ගේ අමාත්‍ය ධුරයන්හි සංශෝධන සිදුවන බවට වාර්තා වනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 03 March 2022 20:06

Related items