May 13, 2024

උදය ඇමති ධූරයෙන් නෙරපයි! බලශක්ති ලොකුගේට, පවිත්‍රාට විදුලිබල Featured

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ උදය ගම්මන්පිල මහතාගේ අමාත්‍ය ධූරය විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට ලබා දී තිබෙනවා.

තමා බලශක්ති අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් බව ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.

විදුලිබල අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දිවුරුම් දී තිබෙනවා.

විමල් විරවංශ මහතා කටයුතු කළ කර්මාන්ත අමාත්‍ය ධුරය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලබා දී ඇති බව ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව උදය ගම්මන්පිල, විමල් විරවංශ යන මහත්වරුන් දැරූ කැබිනට් අමාත්‍ය ධුර අහිමි වී තිබෙනවා.

ඊට අමතරව එස්.බී දිසානයක මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරයත්, දිලුම් අමුණුගම මහතාට ප්‍රවාහන අමාත්‍ය ධුරය ලබා දී ඇති බවයි එම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Rate this item
(3 votes)
Last modified on Thursday, 03 March 2022 20:06