April 28, 2024

කැබිනට් මණ්ඩල සංශෝධන පළමු ඉඟිය

2022 වසරේ උදාවත් සමග කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන කසුකුසුවක් තදින්ම පැතිරෙමින් තිබෙනවා.

ජනපතිවරයා විසින් වාර අවසාන කළ පාර්ලිමේන්තුවේ නව සැසිය ඇරඹීමට නියමිත එළැඹෙන ජනවාරි 18 වැනි දිනට පෙර එම සංශෝධනය සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ජනවාරි 14 වෙනිදා

බොහෝ දුරට එළඹෙන ජනවාරි 14 වැනි දින මෙම කැබිනට් මණ්ඩලය සංශෝධනය සිදුවනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එහිදී අනිවාර්යෙන්ම කැබිනට් ඇමති ධූරය වෙනස් වන ඇමතිවරයෙකු පිළිබඳව රාවයක් යනවා.

ඒ ඩොලර් හිඟය මත බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින තෙල් විෂය භාර උදය ගම්මන්පිල මහතාගේ ශක්ති අමාත්‍ය ධුරයයි.

තරුණ ඇමතිට තවත් එකක්

ඒ හැරුණුකොට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට තමන් ක්‍රීඩා හා තරුණ කැබිනට් ඇමති ධුර වලට අමතරව දරන රාජ්‍ය අමාත්‍ය ධූරය වන ඩිජිටල් විෂය භාර කැබිනට් ඇමැති ධූරයද ලැබෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඩිජිටල් කැබිනට් ඇමතිධූරය මේ වන විට දරන්නේ ජනපතිවරයාමයි.

මීට මාස කිහිපයකට පෙරද සුළු කැබිනට් මණ්ඩල සංශෝධනයක් ජනපතිවරයා සිදු කළා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 02 January 2022 02:55

Related items