April 28, 2024

අලුත් ගමනකට කැබිනට් වෙනසක්: ප්‍රබල ඇමතිවරු 6කට පුටු මාරුවක්! රාජ්‍ය ඇමතිවරුන්ටත් වෙනසක් Featured

මේ වසරේ කැබිනට් සංශෝධනයක් සිදු කරන බව අප ඊයේ වාර්තා කළා.

ජනපතිවරයා විසින් වාර අවසාන කළ පාර්ලිමේන්තුවේ නව සැසිය එළැඹෙන ජනවාරි 18 වැනිදා ඇරඹීමට නියමිතයි. එම දිනට පෙර එම සංශෝධනය සිදු වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇති බවයි.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ එම ඇමතිධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

අලුත් ගමනක්

පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(01) දිවයිනට පැමිණි අතර ඔහුගේ පැමිණීමත් සමඟ කැබිනට් මණ්ඩලයේ සංශෝධනය සිදු වන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

නව වසරේ නව වෙනස්කම් සමග අලුත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ඉල්ලීමක් කළා.

මෙම කැබිනට් සංශෝධනයද එහි ප්‍රතිඵලයක් බවයි වාර්තා වන්නේ.

ලොකු පුටුවලත් වෙනසක්

මේ අතර කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කෙරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

ආණ්ඩුව නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසූවේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 02 January 2022 02:52

Related items