April 27, 2024

ඇමැති මාරුව අනිවාර්යයි - ඇමැති දිලුම්ගෙන් ආණ්ඩුවට උපදෙස්

අමාත්‍යංශ කීපයක අමාත්‍යවරුන් මාරුවීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා  පවසනවා.                                

මහනුවරදී අද (03) මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ වර්තමානයේ අමාත්‍යංශ කිහිපයක කටයුතු සිදුවන ආකාරය පිළිබඳව කිසිවෙකුගේ හෝ පැහැදීමක් නොමැති බවයි.                                             

වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා,

"අද ඇතැම් අමාත්‍යංශවල කිසිදු කටයුත්තක වගකීමක් ගන්න කෙනෙක් නෑ. මේ අමාත්‍යංශ වල යම් කිසි වැරැද්දක් වුනොත් ඒවා පිළිගන්න හරි ප්‍රතික්ෂේප කරන්න හරි නිසි වගකිවයුත්තෙක් නෑ. මේ අමාත්‍යංශ අනිවාර්යෙන්ම සංශෝධනය විය යුතුයි කියලා අපි හිතනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් කටයුතු කරාවි. විපක්ෂය කියලා තියෙනවා ඔළුගෙඩි මාරු කරලා විතරක් හරියන්නෙ නෑ ආණ්ඩුව මාරු කරන්න ඕනේ කියලා. ඒකට නම් ඒ අයට තව අවුරුදු දෙකක්වත් බලාගෙන ඉන්න වෙනවා. එයාලා කියන හෝ හිතන විදියට මේ ආණ්ඩුව අයින් කරන්න කාටවත් ලැබෙන්නේ නෑ. හැබැයි අපිට සැකයක් තියෙනවා හෙට අනිද්දට විපක්ෂනායක තනතුර ඔලු ගෙඩිය මාරු වෙයි කියලා. ඒක මාරු කරන්න නම් පිරිසක් බලාගෙන ඉන්නවා."

(මහනුවර -  කේ.එල්. සුරවීර)                         

Rate this item
(0 votes)
Last modified on Monday, 03 January 2022 21:10