April 27, 2024

පිටරට බස් දුවන විදියටයි ලංකාවේ බස් දුවන්නේ

December 31, 2021

මගී ප්‍රවාහනයේදී බස් රථවල රියදුරු හා කොන්දොස්තර යන දෙදෙනාම අනිවාර්යයෙන් සිටිය යුතු බවට මගී ප්‍රවාහන පනතේ ඇති වගන්තිය සංශෝධනය කර කොන්දොස්තරවරයාගේ සේවය අනිවාර්ය නොකිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

මේ වන විට ලෝකයේ රටවල් රැසක මගී ප්‍රවාහන බස් රථ ක්‍රියාත්මක වන්නේ කොන්දොස්තරයෙකු නොමැතිව බවත් නව සංශෝධනයත් සමඟ බස් හිමියන්ට තම කැමැත්ත මත කොන්දොස්තරවරයෙකුගේ සේවය ලබා ගැනීම හෝ නොගැනීම තීරණය කළ හැකි බවද ඒ මහතා සඳහන් කළා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළා.

කොන්දොස්තරවරු නොමැතිව බස් රථ ධාවනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස බස් හිමියන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම තීරණයට එළඹි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අධිවේගි මාර්ග වල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ වලට කොන්දොස්තරවරයෙකුගේ සේවය අනවශ්‍යය බවත් ඉදිරියේදී මෙරටට ආනනයනය කරන ස්වයක්‍රීය දොරවල්, පිටුපස කැමරා පද්ධති ඇතුළු නවීන පහසුකම් සහිත බස් රථද කොන්දොස්තරවරයෙකුගේ සේවය නොමැතිව ධාවනයේ යෙදවිය හැකි මට්ටමේ පවතින බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවා.

(මහනුවර - කේ.එල්. සුරවීර)                         

Rate this item
(1 Vote)
Last modified on Thursday, 30 December 2021 21:44