May 09, 2024

නැවත සමීක්ෂණ ප්‍රතිඵල දැක සිසුවෙකු පුදුම වෙයි - C සාමාර්ථය A වෙයි

උසස් පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී සංයුක්ත ගණිතය විෂය සඳහා ලැබී තිබූ C සාමාර්ථය වෙනස් වී A සාමාර්ථයක් ලැබීමෙන් තමන්ගේ දිස්ත්‍රික්ක මට්ටම 12 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි බව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ රුචිර නිසංග අබේවර්ධන සිසුවා සදහන් කරනවා.

මෙයට පෙර ගණිත අංශ ප්‍රතිඵල මගින් මහනුවර දිස්ත්‍රික්කයේ 68 වැනි ස්ථානයේ තමන් පසු වූ බවද සිසුවා පවසා සිටියා.

පසුගිය 2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති රුචිර රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂයන්ට A සාමාර්ථ දෙකක් ද, සංයුක්ත ගණිතය විෂයට C සාමාර්ථයක්ද ලබා ගෙන තිබෙනවා.

සංයුක්ත ගණිතය සඳහා ලැබුණු ප්‍රතිඵලය පිළිබද සෑහීමකට පත් නොවූ බැවින් නැවත සමීක්ෂණය සඳහා ඔහු අයදුම් කර තිබෙනවා.

එහිදී ඔහුට සංයුක්ත ගණිතය විෂය සඳහා A සාමාර්ථයක් ලැබී ඇත්තේ දිස්ත්‍රික්ක ස්ථානය 68 සිට 12 දක්වා ඉදිරියට පැමිණීමටද අවස්ථවා උදා කරමින්.

රුචිර නිසංග අබේවර්ධන සිසුවා මෙලෙස අදහස් පළ කළා,

"එම ප්‍රතිඵලය අනුව මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රයට මම ඉතා හොඳින් පිළිතුරු ලියූ නිසා නැවත සමීක්ෂණය කරන්න තීරණය කළා. ඒ අනුව ලැබුණු ප්‍රතිඵලය අනුව මට මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව තිබෙනවා." 

(මහනුවර  කේ.එල්. සුරවීර )  

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 03 January 2022 21:03