April 27, 2024

ජනතාවට දැනෙන ආයතන 4 ක් ඇතුළු 5 ක් ගැන ආණ්ඩුවෙන් තීරණයක්

රජය සතු පාඩු ලබන මෙතන ප්‍රතිව්‍යුහයගතකරන කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අනතුරු ඇඟවූයේ දුම්රිය ස්ථානාධිපති වර්ජනය ගැන මාධ්‍ය අමතා අදහස් දැක් වූ අවස්ථාවේදී.

කවුරු විරුද්ධ වුණත් එම කටයුත්ත කරන බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළා.

මුදල් අමාත්‍යාංශ යෝජනාවලිය

මේ වන විට ඒ සම්බන්ධයෙන් වූ නමක් මුදල් අමාත්‍යාංශයට ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට විදුලිය , ජලය , ලංගම , තෙල් , ගුවන් යන ක්ෂේත්‍ර ඇතුළත් බවයි දැනගන්නට තිබෙන්නේ.

රජයේ සතු ව්‍යවසායන් 527ක් අතුරින් ඉහත සඳහන් ආයතන වෙත ලබා දෙන ආධාර අත්හිටුවා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටයි රජයේ අවධානය යොමුව තිබෙන්නේ.

දිගින් දිගටම පාඩු ලැබීම

මෙම ආයතන දිගින් දිගටම පාඩු ලබන ආයතන ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.

ඒ සඳහා දිගින් දිගටම මහා භාණ්ඩාගාරයෙන් අතිරේක මුදල් යෙදවීමට කටයුතු කර තිබෙනවා.

අකාර්යක්ෂම පරිපාලනය මෙන්ම සහනදායී ලෙස මහජනතාවට සේවා සැපයීම එම ආයතන දීර්ඝ කාලයක් පාඩු ලැබීමට බලපෑ හේතු ලෙසටයි රජය විශ්වාස කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 January 2022 18:16