May 09, 2024

අද එන්නත් ලබා දෙන ස්ථාන

December 31, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (31) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 563 දෙනෙකු ඊයේ (30) දිනයේදී හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 586,746ක් වන අතර, තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,741ක්.

මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව ද 560,313ක් වනවා.

කෙසේවෙතත් වෛරසය මර්දනයට රට පුරා කොවිඩ් මර්දන එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, එම වැඩසටහන යටතේ මේ වනවිට පළමු කොවිඩ් එන්නත් මාත්‍රාව මෙරට පුද්ගලයින් 15, 989,319කට ලබා දී තිබෙනවා.

දෙවන මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 13,840,279ක් වන අතර බූස්ටර් මාත්‍රාව ලද සංඛ්‍යාව 3,857,504ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

Rate this item
(0 votes)