April 28, 2024

නිෂ්පාදනය නතර වෙයි! වැඩි බලපෑම මේ වාහනවලටයි

December 15, 2021
කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා. 

ඒ, ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් තවදුරටත් වසා දැමීම හේතුවෙන්. 

කර්මාන්ත ශාලා කිහිපයක නිෂ්පාදන කටයුතු නතර කිරීම හේතුවෙන් නිෂ්පාදනය නතරවී ඇති වාහන සංඛ්‍යාව 14,000ක්. වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ලෑන්ඩ් කෘසර් සහ ලේක්සස් මෝටර් රථ නිෂ්පාදනයටයි. 

කර්මාන්ත ශාලා වසා දමයි

ටොයෝටා සමාගමේ ගිනිකොණ ආසියානු කලාපයේ පිහිටි අමතර කොටස් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා කිහිපයක් ද තාවකාලිකව වසාදමා ඇතැයි සඳහන්.

සැපයුම් ජාලවල ගැටලු මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ජපානයෙන් මෝටර් රථ මිලදී ගන්නා ප්‍රධාන රටවල් දෙකක් වන චීනය සහ අමෙරිකාව මෝටර් රථ මිලදී ගැනීම අඩකින් පමණ අඩුවී ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන්.

නැව්ගත කිරීම පහලට

මෝටර් රථ නැව්ගත කිරීමද සියයට 37 කින් පහත වැටී තිබෙනවා.

මීට අමතරව ෆෝර්ඩ්, නිසාන්, රෙනෝල්ට් ඇතුලු ප්‍රධානපෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම්වලද නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. ඒ, අමතර කොටස් හිඟවීම හේතුවෙන්.

ටොයෝටා සමාගම වාර්ෂිකව මෝටර් රථ මිලියන 9ක් පමණ නිපදවන අතර වාර්ෂික නිෂ්පාදන ඉලක්කය මාර්තු වනවිට ළඟා කර ගැනීම එම සමාගමේ බලාපොරොත්තුවයි.

ටොයෝටා සමාගමේ තරගකරුවන් වන ජෙනරල් මෝටර්ස්, ෆෝර්ඩ්, නිසාන්, ඩයිම්ලර්, බීඑම්ඩබ්ලිව් සහ රෙනෝල්ට් මෝටර් රථ නිෂ්පාදන සමාගම්ද සෙමි කන්ඩක්ටර් වැනි අමතර කොටස් හිඟ වීම හේතුවෙන් නිෂ්පාදනය අඩුකර තිබෙනවා.

Rate this item
(1 Vote)