May 02, 2024

වාහන ගැන රජයෙන් තීරණයක්! අලුත්ම වාහන මිල ගණන් මෙන්න

වාහන ආනයනය කිරීම පිළිබඳ රජය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම වසරේදීත් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ වාහන ආනයන කිරීමට පෙර රටට අත්‍යාවශ්‍ය බොහෝ දෑ ගෙන්වීමට තිබෙන බවයි රජය පවසන්නේ.

විද්‍යුත් වාහන ගෙන්වීමට යයි

කෙසේවෙතත් විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමට අවසර ලබාදීමට මේ වනවිට අවධානය යොමුවී තිබෙනවා. විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි අයවැයේදී සහන ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත් දා හිමිවුණා.

මෙරට තුළ විද්‍යුත් මෝටර් රථ ප්‍රචලිත කිරීම රජයේ අරමුණ වී ඇති අතර ඊට අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථානද රට පුරා ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා ජර්මනියේ ආයෝජකයෙකු සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

වාහන මිල අහස උසට

මේ අතර රජය, වාහන ආනයනයට පනවා ඇති සීමා සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළේ මෙම තත්ත්වයට ඩොලර් සංචිත හිඟවීම සහ කොරෝනා වසංගතයත් සමග මතුව ඇති ගැටළු ඊට හේතු වී ඇති බවයි.

මේ අතර මෙරට වෙළඳපොළ තුළ මෝටර් රථ ඉතා විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබෙනවා.

මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත් තවත් වසරක කාලයක් ඉක්ම වන තෙක් ආනයනය තහනම ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

පාවිච්චි කරන ලද මෝටර් රථ 100% ඉක්මවූ මිල ගණන්වලට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණ වලින් පෙනී යයි.

දැන් මෝටර් රථ මිල

2019 වර්ෂයේ ප්‍රිමියෝ රථයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් කෝටි දෙක ඉක්මවූ මිලකටයි.

එම වසරේ ඇක්සියෝ රථයක් ලක්‍ෂ 120 ඉක්මවා ඇති අතර වසර 15 ඉක්මවා පැරණි අක්සියෝ රථයක් ලක්ෂ 65 ඉක්මවා මිලකට අලෙවි වෙයි.

වසර පහක් පමණ පැරණි වන ‘විට්ස්’ රථයක්ද ලක්ෂ 90 පමණ මිලකට අලෙවි වනවා.

වසර තුන හතරක් පැරණි වැගන්ආර් රථයක් ලක්ෂ 65 ක සීමාවේ පවතිනවා.

මේ අතර වසර තුන හතරක් පැරණි ත්‍රීරෝද රථයක් ලක්ෂ 16-17 මිල ගණන් වල පවතිනවා.

සාමාන්‍ය යතුරු පැදියක් ලක්ෂ හතර පහ සීමාවේ පවතින අතර ස්කූටර් රථද එම මිල ගණන් ඉක්මවා අලෙවි වෙමින් තිබෙනවා.

Rate this item
(5 votes)
Last modified on Thursday, 12 August 2021 00:58