April 28, 2024

ලංකාවට වාහන ගෙන්වන ප්‍රධාන සමාගම් කිහිපයකට වැඩ වරදියි

November 06, 2021

වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නීත්‍යානුකූලව කටයුතු සිදු කොට ඇති බව වාර්තා වෙනවා.

පාලනය කළ නොහැකි හේතු සාධක මත වාහන අමතර කොටස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවත් පවතින තත්ත්වය හමුවේ අසාධාරණ ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ සමාගම්වලට එරෙහිව මෙලෙස කටයුතු කොට ඇති බව පැවසෙනවා.

වාහන අමතර කොටස් වල මිල සඳහන් නොකිරීම, සඳහන් මිල වෙනස් කිරීම, මිල සඳහන් නොකර පැරණි තොග ද වර්තමාන මිල ගණන් වලට අලෙවි කිරීම ආදී ක්‍රියා සම්බන්ධව අදාළ ප්‍රධාන පෙළේ සමාගම්වලට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බව ද සඳහන්.

වාහන අමතර කොටස්වල මිල ලකුණු නොකිරීම සහ ඒ හරහා සිදුකරන අක්‍රමිකතා පිළිබඳව වෙළඳසැල් සහ ආයතන සම්බන්ධව තව දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

වැඩිදුර කියවන්න: වාහන මිලේ වෙනසක්! සිහින සැබෑ වෙන ලකුණු!

Rate this item
(2 votes)
Last modified on Saturday, 06 November 2021 07:59