April 27, 2024

මේ ආණ්ඩුව 2036 දක්වා පෙරලන්න බැහැ : දුමින්ද සිල්වාගෙන් ආණ්ඩුවට සහතිකයක්

මේ ආණ්ඩුව 2036 දක්වා පවතින බවට නිවාස සංවර්ධන අධිකාරිය සභාපති දුමින්ද සිල්වා මහතා සහතිකයක් ලබා දෙනවා.

වසර පහළොවක් ඉදිරියට

මේ ආණ්ඩුව තව වසර 15වත් පෙරලන්න බැරි බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ රටේ පොහොර , ගුරු , උද්ඝෝෂණ ප්‍රශ්න තිබෙන බව ඔහු පෙන්වා දෙනවා.

පක්ෂ වල ප්‍රශ්න

එම ප්‍රශ්න හරහා එක එක පක්ෂ ආණ්ඩුව වට්ටන්නට උත්සාහ කලත් එය සාර්ථක නොවන බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ නව සමිතිය විසින් සංවිධානය කළ හමුවක් අමතමින්.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය ලබා සිටි දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව හිමි වූවා.

ජනපති සමාව ලබා දී ඉතා කෙටි කලකින් ඔහුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනපතිවරයා විසින් පත් කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 16:07

Related items