May 08, 2024

දුමින්ද සිල්වාට රජයේ ඉහළ තනතුරක් - පත්වීම ජනපතිගෙන්

ජනපති සමාව ලැබූ දුමින්ද සිල්වා මහතාව නිවාස අධිකාරියේ සභාපති ධූරයට පත්කර තිබෙන බව වාර්තා වනවා.

එම පත් කිරීම කර තිබෙන්නේ ජනපතිවරයාගේ උපදෙස් හා නිර්දේශය මත බව අදාල පත්වීමේ ලිපියේ සඳහන්.

ලිපිය යවා තිබෙන්නේ ජනපති ලේකම්

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා වෙත ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් අදාල පත්වීමේ ලිපිය ලවා තිබෙන්නේ.

පත්වීම ලබා දුන් දිනය ලෙස සඳහන්ව තිබෙන්නේ ඉකුත් 16 වැනිදා.

මෙම පත්වීම සම්බන්ධයෙන් කැබිනට් සම ප්‍රකාශක උදය ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් ඒෂියන් මිරර්  විමසීමක් කළ අතර එවන් පත්වීම් ලිපියක් දුමින්ද සිල්වා මහතාට ලබා දී තිබෙන බව ඔහු තහවුරු කලා.

පොසොන් දා ලැබූ ජනපති සමාව

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණිය දණ්ඩනය නියම කොට සිරදඩුවම් විදිමින් සිටී දුමින්ද සිල්වා මහතාව පසුගිය පොසොන් පොහෝ දින ජනපති සමාව යටතේ නිදහස ලබා දුන්නා.

No photo description available.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 18 July 2021 12:22

Related items