April 27, 2024

දුමින්දට දුන් ජනපති සමාව දමිල ත්‍රස්ත සිරකරුවන්ටත් දෙන්න - හිරුණිකා බීබීසියට කියයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු වේලාවකට පෙර බ්‍රිතාන්‍යයේ බී.බී.සී සිංහල සේවාවට ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක්දී තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම සාකච්ඡාවේදී දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව ලබාදීම නිසා නීතියේ ආධිපත්‍යයට එල්ල වන තර්ජනය හරහා රටේ ආර්ථික , සමාජයීය අංශවල බිද වැටීම ගැනයි අදහස් දක්වා තිබෙන්නේ.

එහිදී ඇය විශේෂ කරුණක් ඉස්මතු කර තිබෙනවා.

ඔවුනුත් වැරැද්ද ගැන පසුතැවෙනවා

ඒ දුමින්ද සිල්වා මහතාට නිදහස ලබා දුන් ආකාරයට දමිළ කොටි ත්‍රස්තවාදීන්ටද ජනපති නිදහස ලබා දෙන ලෙසයි.

ත්‍රස්තවාදී චෝදනා මත දඬුවම් නියම කර සිටින මෙන්ම තවමත් චෝදනා ගොනු නොකර දිගු කලක් රඳවාගෙන සිටින පුද්ගලයන්ටද දුමින්ද සිල්වා මහතාට ලබා දුන් ආකාරයට නිදහස ලබා දිය යුතු බව එම සාකච්ඡාවේදී ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වාදී දී තිබෙන්නේ ඊට හේතුන්ද පෙන්වමින්.

ත්‍රස්තවාදී චෝදනා මත සිර දඬුවම් විඳින්නන් සහ රඳවාගෙන සිටින්නන් බොහෝ දෙනෙක් මේ වන විට මැදිවියද ඉක්මවා ගිය තමන් කළ වැරැද්ද පිළිබඳව පසු තැවෙන අය බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ.

අන් තුන්දෙනාට නිදහස නැත්තේ ඇයි

ඒ හැරුණු කොට සිය පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාටම එල්ල වන චෝදනාව එල්ල වී සිර දඬුවම් විඳින අන් සිරකරුවන් තිදෙනාටද දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ජනපති නිදහස ලබා දිය යුතු බව ද ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම සාකච්ඡාවේදී අවධාරණය කරන්නේ.

නීතිය හැමටම එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙන ප්‍රේමචන්ද්‍ර මහත්මිය නීතිය පසෙකට දමා අවනීතිය ක්‍රියාත්මක වන්නේ නම් එයත් සමානව ක්‍රියාත්මක විය යුතු බවයි සදහන් කරන්නේ.

රටේ තිබෙන්නේ අවනීතිය

ජනපතිවරයාට ඕනෑම පුද්ගලයකු නිදහස් කිරීමේ ව්‍යවස්ථානුකූල බලය තිබුණද එය ක්‍රියාත්මක කළ යුතු පිළිවෙතක් තිබෙන බවත් දැන් රටේ ක්‍රියාත්මක වන්නේ ජනපතිවරයාගේ නීතිය බැවින් ජනපතිවරයාට අවශ්‍ය දේ නීතිය ලෙස සලකා ක්‍රියාත්මක කරන අව නීතියක් බවයි සඳහන් කරන්නේ.

බීබීසී සිංහල සේවය සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම සාකච්ඡාවට එක් වූයේ සූම් තාක්ෂණය ඔස්සේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය විඳිමින් සිටි දුමින්ද සිල්වා මහතාව පසුගිය ජූනි මස පොසොන් පෝයදා ජනපතිවරයා විසින් ජනපති සමාව යටතේ නිදහස් කරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 July 2021 13:53

Related items