April 27, 2024

දුමින්ද සිල්වා අලුත් තනතුරේ වැඩ අල්ලයි! උත්සවය කෙටියි - පැමිණි ප්‍රබලයින් මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද පෙරවරුවේදී වැඩ භාර ගෙන තිබෙනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් දුමින්ද සිල්වා මහතා වැඩ භාරගැනීමේ උත්සවය සදහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු ද එම අවස්ථාවට සහභාගී වී සිටි බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළා.  

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවැති කෙටි උත්සවයකින් පසු දුමින්ද සිල්වා මහතා එම තනතුරේ වැඩ භාරගෙන තිබෙනවා.

දුමින්ද සිල්වා මහතා අදාල තනතුර සඳහා පත් කර තිබුනේ දැනට දින කිහිපයකට පෙරය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 11 August 2021 00:18