April 27, 2024

නිවාස අධිකාරිය හොර ගුහාවක්: අකාර්යක්ෂම තැනක් - සභාපතිම පැටිකිරිය කියයි

නිවාස සංවර්ධන අධිකාරිය අඩු ආදායම්ලාභී අහිංසක ජනතාව වෙනුවෙන් වැඩ කළ හැකි ආයතනයක් බවයි එහි සභාපතිවරයා වන දුමින්ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

එහෙත් එම ආයතනයේ නිලධාරීන් විශාල වශයෙන් දූෂිත වී ඇති බව සභාපතිවරයා අනාවරණය කරනවා.

ඉලක්කයට ඇති බාධකය

නිවාස 70000 ක් ඉදිරියේදී ඉදිකිරීම නිවාස සංවර්ධන අධිකාරියේ ඉලක්කය වී ඇති බව සඳහන් කරන සභාපතිවරයා ඊට ඇති ප්‍රධානම බාධකය එම අධිකාරියේ වැඩ නොකරන නිලධාරීන් බවයි පෙන්වා දෙන්නේ.

තමා උදෑසන 8:30 ට කාර්යාලයට පැමිණි පසු රාත්‍රී 9 ,10 දක්වා වැඩ කරන බවද ඔහු අනාවරණය කරනවා.

එහෙත් එම අධිකාරියේ සේවකයන් සවස 4 වන විට නිවෙස් බලා යෑමට සූදානම් වන බව පෙන්වා දෙන සභාපතිවරයා එවැනි පිරිසක් සමග ඉදිරි ගමනක් නැති බවයි සඳහන් කරන්නේ.

දුප්පත් ජනතාව වෙනුවෙන්

නිවාස අධිකාරිය නිවාස නොමැති දුප්පත් ජනතාව සමග සමීපව වැඩ කරන බවත් ඒ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමේ ඉලක්ක කරා යෑමට නම් නිවාස අධිකාරියේ සේවකයන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරනවා.

තමාව මේ තනතුරට පත් කළේ අග්‍රාමාත්‍යවරයා බව හෙළි කරන සභාපතිවරයා ඒ තමා කොළඹ ප්‍රදේශයේ කැපවීමෙන් වැඩ කටයුතු කළ ආකාරය නිසා බවයි පවසන්නේ.

දුමින්ද සිල්වා මහතා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ක්‍රියා පිළිවෙත මෙසේ විවේචනය කළේ මහනුවර කොකනගල , පූජාපිටිය සහ උඩගෙදරගොල්ල යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබා දීමේ උත්සවයකට සහභාගි වෙමින්.

මරණිය දණ්ඩනයට නියම සිටි දුමින්ද සිල්වා මහතා ජනපති සමාව යටතේ නිදහස් වූ අතර ඉන් පසුව ඔහුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට ජනපතිවරයා විසින්ම පත් කළා.

Rate this item
(6 votes)
Last modified on Tuesday, 26 October 2021 10:09

Related items