April 27, 2024

දුමින්ද සිල්වාට එරෙහිව පෙත්සමක්! නීතිපතිවත් පටලවයි

පසුගියදා ජනාධිපති නිදහස ලැබූ සිරෙන් නිදහස් වී පසුව නිවාස සංවර්ධණ අධිකාරියේ සභාපති ධූරයට පත් දුමින්ද සිල්වා මහතාට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු ‌කොමසාරිස්වරයකු වන නීතීඥ ගසලි හුසේන් මහතා විසින්.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කර ඇති ඒ මහතා එමඟින් දුමින්ද සිල්වා මහතාට මෙරටින් පිටවීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඔහු මෙම පෙත්සම සඳහා වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයාව නම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

නීතීඥ ගසලි හුසේන් මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ ඊයේ (02) දිනයේ දීය.

Rate this item
(0 votes)

Related items