May 01, 2024

අජිත් රෝහණට රජයෙන් අලුත් තනතුරක්! පත්වීමේ ලිපියත් භාර ගනී

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නව තනතුරක් ලබා දී තිබෙනවා.

ඒ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ ((NATA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසයි.

අජිත් රෝහණ මහතාට අමතරව විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු මහත්මියද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරනු ලැබ තිබෙනවා.

ඒ සඳහා වන පත්වීම් ලිපි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම අමාත්‍යංශයේදී අද (05) ලබා දී තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

පොලිස්පතිවරයා නියෝජනය කරමින් අජිත් රෝහණ මහතා මෙම  තනතුරට පත් කරනු ලැබූ අතර, අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති ලෙස වෛද්‍ය අමරබන්දු මහත්මිය මේ සඳහා පත්කරනු ලැබ ඇත.

 

Rate this item
(3 votes)
Last modified on Thursday, 07 October 2021 08:10