May 01, 2024

(EXCLUSIVE) අජිත් රෝහණගේ තත්ත්වය ගැන පොලීසිය කියයි

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නවතම තත්ත්වය පිළිබඳව ඒෂියන් මිරර් විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කර සිටියා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත පවසා සිටියේ අජිත් රෝහණ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහු සුවයෙන් පසුවන බවත් සඳහන් කර සිටියා.

ඊයේ (25) දිනයේ දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමඟ ප්‍රතිකාර කටයුතු සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් වී තිබුණා.

මෙරට ජනතාව අතර විශාල කීර්තියක් අත්කර ගෙන සිටින පොලිස් නිලධාරියෙකු වන අජිත් රෝහණ මහතා වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් ඉක්මණ් සුවයද ප්‍රාර්ථනා කර තිබුණා.

Rate this item
(0 votes)